පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා ඊයේ කේරළ මහ අමාත්‍ය කාර්යාලයට පැමිණ කේරළයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් මහතා හමු වී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

එහිදී කේරළයේ සංවර්ධන කටයුතු සඳහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීම යෙදුණා.

එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වත්මන් රජය කාන්තාවන් දිරිගැන්වීමට සහ ඔවුන්ගේ දායකත්වය දේශපාලනයට සහ රටේ සංවර්ධනයට ඇදගැනීමට ගෙන ඇති පියවරයන් පිළිබඳව පැහැදිලි කළා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් කාන්තාව දායක කර ගැනීමට ගත් ශක්තිමත් තීරණයන් පිළිබඳව තමන් වත්මන් ආණ්ඩුවට සහ අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළකරන බව කේරළයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් මහතා පවසා සිටියා.

අනතුරුව අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇතුළු දූත පිරිස ඊයේ කේරළයේ හිටපු ප්‍රධාන අමාත්‍ය උම්මංචාන්ඩි මහතා හමුවුණා.

අන්තර් ජාතික හා වගකිවයුතු ප්‍රාදේශීය පාලනය පිළිබඳ දැනුම හුවමාරු කිරීම - කේරළ අත්දැකීම නමින් සංවිධාන කර තිබූ තවත් වැඩමුළුවකට සහභාගිවූ දූත පිරිස ඉන්දියානුවේ කේරළා පළාත් පාලන දෙපාර්තුමෙන්තුවේ අමාත්‍ය ඩොක්ටර් කේ.ටී.ජලීල් මැතිතුමා හමුවී දෙරටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා කේරළ මුදල් අමාත්‍ය ඩොක්ටර් ටී. එම්. තෝමස් අයිසක් මහතා හමුවී මෙරට දේශපාලන භූමිකාවට කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමට ගෙන ඇති සාධනීය පියවරයන් පිළිබඳව දැනුවත් කෙරුණා.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ විශාල කැපවීම අගය කළ කේරළ මුදල් අමාත්‍ය ඩොක්ටර් ටී. එම්. තෝමස් අයිසක් මහතා ඉදිරියේදී අවශ්‍ය සෑම කටයුත්තකටම සිය සහයෝගය ලබා දීමට බලාපොරොත්තුවන බව ද පැවසුවා.

“කේරළයේ ප්‍රාදේශීය සභාවල කාන්තාවගේ භුමිකාව” යන මැයෙන් පැවැත්වූ මෙම තෙදින වැඩමුළුවේදී අවධානය යොමු කෙරුණේ කේරළ ප්‍රාන්තයේ දේශපාලනය සඳහා කාන්තාවගේ භූමිකාව පිළිබඳවයි.

ඊයේ අවසන් වූ මෙම වැඩමුළු ලෝක බැංකුව සහ කේරළ ප්‍රාන්ත ආණ්ඩුව සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව කේරළයේ දේශපාලන සහ සංවර්ධන කටයුතු සඳහා කාන්තා නියෝජනය ඉහළ අගයක් පෙන්නුම් කරනවා.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විෂාය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ මැදිහත්වීමෙන් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමත් සමඟ කාන්තාව තවදුරටත් සංවර්ධන කටයුතු සදහා යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙම වැඩමුළුව පිටුවහලක් වනු ඇති බවට ලෝක බැංකුව විශ්වාසය පළ කරනවා.

කේරළ ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කළ මෙම තෙදින වැඩමුළුවට සහභාගිවන දූත පිරිසට පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමන්, උතුර, නැගෙනහිර සහ ඌව පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන්, කොමසාරිස්වරු ඇතුළුව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරින් 13න් දෙනෙකු ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කේරල ආණ්ඩුවේ පළාත් පාලන ආයතනය අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගී ගිවිසුම වර්ධනය කර ගැනීමට ද මෙය අවස්ථාවක් වනු ඇති බවට ලෝක බැංකුව විශ්වාසය පළ කරනවා.

chief minister 3 chief minister 2 dr jaleeel

 

former chief minister

 

finance minister 1

 

chief minister 1