අප රට වර්තමානයේ මුහුණ දී සිටින අවදානම් සහගත තත්ත්වය කෙරෙහි බලපාන මූලිකම සාධකය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර හා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම පෙන්වා දිය හැකිය. මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරේ ගැඹුර සහ ව්‍යාප්තිය සලකා බැලීමේ දී ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කළ ද එය මුලිනුපුටා දැමීම සඳහා මහජන සහභාගීත්වය සහිත පුළුල් වැඩ පිළිවෙලක් හදිසි සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස රජය විසින් මේ වන විටත් ප්‍රතිපත්මය ක්‍රියාමාර්ගයක් ගෙන ඇත.

 ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම ඉලක්ක කරගත් "රටම එකට ජාතික මෙහෙයුම" සමාරම්භක වැඩසටහන 2025.10.30 දින පෙ.ව10.00 සිට ප.ව 12.00 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ගරු ජනාධි පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රෛනිකායික අතිපුජනිය මහානායක ස්වාමීන් වහන්සේලා, අති උතුම් අගරදගුරුතුමන්ලා, හින්දු පුජකතුමන්ලා සහ මවුලවිතුමන්ලා සහ සමාජයේ විවිධ කොටස් නියෝජනය කරන පුළුල් සාභාගීත්වයකින් යුතුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

IMG  

Download Oath in Your Preferred Language

Sinhala PDF Preview
Download in Sinhala
  Tamil PDF Preview
Download in English