ගිනි ගැනීම් හේතුකොට ගෙන රට තුල සිදුවන ජීවිත, දේපල මෙන්ම පරිසර හානි අවම කරගැනීම වෙනුවෙන් ගිනි නිවීමේ සේවා සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මැතිතුමා දිගින් දිගටම දැඩි අවධානයකින් පසු වන අතර පසුගිය දිනෙක පළාත් පාලන ආයතන මට්ටමින් දිවයින පුරා විසිරී ඇති සියලු ගිනි නිවීම් ඒකක ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ද දිසා ගිනි නිවීම් ඒකකයන්හි ඇති මානව සම්පත් හිඟය, තාක්ෂණික ගැටලු සහ ජල සැපයුමේ දී ඇතිවන ගැටලු හේතුවෙන් සේවා සැපයීමේදී උද්ගතවන දැඩි දුෂ්කරතා පිළිබඳව එතුමාගේ සැලකිල්ලට භාජනය විය. තවද 2018 වර්ෂයෙන් පසු සේවා ව්‍යාවස්ථාවක් ස්ථාපිත කර නොතිබීම, සේවාවේ ගැටලු පැන නැගීමට හේතු වී ඇති බවද මෙම සාකච්ඡාවේ දී හදුනා ගැනුණු අතර ජාතික සැලැස්ම සකස් කිරීමට ඉතා කඩිනමින් ගිනි නිවීම් සේවා නිලධාරීන් සතු අදහස් සහ යෝජනා රජයට ඉදිරිපත් කළ යුතු බව ද ප්‍රකාශ විය. විෂය භාර අමාත්‍යවරයෙකුගේ අදහසකට අනුව අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සමස්ත දිවයිනේම ගිනි නිවීම් ඒකකයන්හි සේවා නිලධාරීන් සමග මෑත ඉතිහාසයේ සිදුකළ එකම සාකච්ඡව මෙය බව පවසමින් සහභාගීවූවන් නියෝජ්‍ය අමාත්‍යතුමාට ස්තූතියද පළකළහ.
ඉන් අනතුරුව මේ සතියේ, ඔස්ට්‍රේලියාවේ වෙසෙන උස් ගොඩනැගිලි ඇතුළු උස් නිර්මාණ සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ලෝක මට්ටමේ ප්‍රමුඛයෙක් සේම ලොව ඉහළම විද්‍යාඥයින් 1% දෙනාගේ ලැයිස්තුව තුළද සිටින මෙල්බන් විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් මහතා සහ ගිනි ආරක්ෂාව සහ උසස් කොන්ක්‍රීට් තාක්ෂණය පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය පසිඳු වීරසිංහ ඇතුළු ගිනි ආරක්ෂණ ඉන්ජිනේරු විද්‍යා සංගමයේ (SFPE - Society of Fire Protection Engineering) ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජිත පිරිසක් සමගද මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගෙන් මේ සම්බන්ධව විශේෂඥ දැනුම ලබාගැනීමට මෙන්ම මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් හා යෝජනාද විමසුමට ලක් කළේය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ගිනි ආරක්ෂණ නියමයන් ප්‍රතිසංස්කරණය සඳහා ඇති අවශ්‍යතාවය සහ ගිනි ආරක්ෂණ ඉංජිනේරු විද්‍යාව වැඩි දියුණු කිරීම මූලිකකොටගත් කරුණු ඔස්සේ සාකච්ඡාව ඉදිරියට ගලාගිය අතර ප්‍රථමයෙන්ම මෙම විෂය පථයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා බැලීමක් සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවේ CIDA ගිනි නිවීමේ රෙගුලාසි (2018) අනුව පැහැදිලිව නියම කරන ලද නීති රෙගුලාසි හෝ පැවතීම සතුටුවිය හැකි කරුණක් වුවද ඒවායේ පරාසය සීමා නොවිය යුතු බවත් ව්‍යාපෘතියේ හෝ ඉදිකිරීමේ හෝ අදාල කාරණාවේ ස්වභාවය අනුව ඒවා විචලනය විය යුතු සේම එම තීරණ ගැනීමට මෙම විෂය සම්බන්ධ විශේෂඥ දැනුම සහිත සුදුසුකම්ලත් ඉන්ජිනේරුවන් (fire engineers) නොමැතිවීම පහත කරුණු ද සමග සාකච්ඡාවට බඳුන්විය.
විදේශීය ආයෝජකයින් පවා සිය ආයෝජනයන් මෙරට තුල සිදුකිරීමේදී මේවා සැලකිල්ලට ගන්නා අවස්ථා තිබිය හැකි බවත් යාවත්කාලීන වී නොතිබීම හේතුවෙන් රටට ඇතිවිය හැකි අවාසිදායක තත්ත්වයන් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.
මේ වනවිට මෙම විෂය සම්බන්ධයෙන් විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇති මොරටුව විශ්ව විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරීන් කිහිපදෙනෙකු සිටින බව ආචාර්ය පසිඳු වීරසිංහ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කළ අතර ඔවුන්ද සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී මේ සම්බන්ධව වැඩමුළුවක් පවත්වා මෙම විෂය සඳහා නිසි අධ්‍යාපන හා වෘත්තිමය සුදුසුකම් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ ඉදිරි සැලසුමක් ද, ප්‍රමිතිගත බව පිළිගත් (Accredited) විද්‍යාගාරයක් ඇතිකිරීම පිළිබඳවද සාකච්ඡා විය.
තවද නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අදහස වූයේ මෙම වැඩපිළිවෙල කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාමට සමගාමීවම ගිනි නිවීමේ ඒකකයන්හි ඇති ගැටළු මෙන්ම ගිනි බටයන් පුහුණු කිරීමේදී ඇති වන ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමද සිදුවිය යුතු බවයි. එමෙන්ම ගිණි පාලනය සහ ගිණි ගැනීම් වලක්වාගැනීම යන කාරණා ද්විත්වයම නිසි ආකාරව සිදුවිය යුතු බැවින් මෙම විද්වත් පිරිසේ මෙන්ම ප්‍රායෝගිකව මෙම කටයුතු වල යෙදෙන ගිනි නිවීම් ඒකක වැනි මෙයට සම්බන්ධ සියළු ක්ෂේත්රයන්ගේ ද අදහස් වලින් යුක්ත පුළුල් සාකච්ඡවක් දක්වා මෙය රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව රුවන් සෙනරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ කරුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මූලික වශයෙන් සකස් කළ ප්‍රවේශමාර්ග සැලසුම් අඩංගු කෙටුම්පතක් මහාචාර්යතුමා ඇතුළු පිරිස විසින් නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත පිළිගැන්වීමද අනතුරුව සිදුවූ අතර තමා ඇතුළු පිරිස මීට පෙරද මෙම විෂය පිළිබඳව පැවති පාලකයින්ගේ අවධානයට ලක්කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහායන් ගත් නමුත් එවැනි අවස්ථාවක් උදා නොවූ බවත් ප්‍රථම වරට නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ලැබුණු මෙම අවස්ථාව සේම එතුමා තුළ මේ සම්බන්ධයෙන් පවතින දැඩි උනන්දුව හා සැලකිලිමත්භාවය ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක්විය.
මෙම සාකච්ඡාව සඳහා තවදුරටත් අමාත්‍යාංශය නියෝජනය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් පී. එම්. ඒ. දයානන්ද මහතා, පළාත් සභා සහ පළාත් පාලන අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලිආරච්චි මෙනවිය සහ අමාත්‍යාශයේ පළාත් සභා සහ පළාත් පාලන අංශයේ පාලන හා පුහුණු අතිරේක ලේකම් වසන්ත ආරියරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ගිනි ආරක්ෂණ ඉන්ජිනේරු විද්‍යා සංගමයේ ෂමින්ද එන්. ඉඳිගහමඩිත්ත මහතාද එක්විය.
තවද මෙම විෂය පථය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යතුමා දිගින් දිගටම අවධානයෙන් කටයුතු කිරීම මෙන්ම සාකච්ඡා වලට පමණක් සීමා නොවී එම කරුණු යතාර්ථයක් බවට පත්කරගැනීම උදෙසා සිදුකරන කැපවීම කොළඹ මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිණි නිවීමේ නිලධාරී පී. ඩී. කේ. ඒ. විල්සන් මහතාගේද අගයකිරීමට ලක්වූ අතර ගිනි නිවීමේ ඒකකයන්හි ඇති ගැටළු මෙන්ම ගිනි බටයන් හට වෘත්තිමය සුදුසුකම් ලබාගැනීමේදී ඇති ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට අවධානය යොමු වී තිබීම හා මේ හා සම්බන්ධ සියළු ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් අදාල අංශයන්ගේ දායකත්වය ඇතුව සාමූහික හැඟීමෙන් ක්‍රියාකිරීම සම්බන්ධවද ප්‍රශංසාව හිමිවිය.
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |