දැක්ම

සැමට වඩාත් සුවපහසු පරිසරයක්

අරමුණ

පළාත් පාලන බල ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම

කාර්යභාරය

  • පළාත් පාලන ආයතන සඳහා විධිමත් හා යෝග්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් හඳුන්වා දීම පිණිස නීතී සම්පාදනය හා උපදේශනය සැපයීම
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ නිසි තාක්ෂ‚ක සහාය පළාත් පාලන ආයතන වෙත ලබාදීම
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ දේශීය හා විදේශීය අත්දැකීම් නිර්මාණයෙහි ලා පළාත් පාලන ආයතන දිරිගැන්වීම
  • රාජ්‍ය නොවන සංවිධාන හා මූල්‍ය ආයතනයන්ගෙන් තාක්ෂ‚ක හා මූල්‍යමය සහාය ලබාගැනීමට පළාත් පාලන ආයතනවලට සහායවීම
  • පළාත් පාලන ආයතන තුළ පාරිසරික සංරක්ෂණ මධ්‍යස්ථාන(කොම්පෝස්ට් ව්‍යාපෘති) ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම
  • 3R ක්‍රමවේදය වැඩිදියුණු කිරීම
  • ගෘහස්ත කසල කළමනාකරණය සඳහා කොම්පොස්ට් බැරල් බෙදාදීම
  • පාසල්වල කසල කළමනාකරණය සදහා කසල බඳුන් ලබාදීම
  • පළාත් පාලන ආයතනවල කසල කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා කසල වෙන්කර එකතු කිරීමේ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • පළාත් පාලන ආයතන සහ පාසල් සිසුන් වෙත කසළ වෙන්කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් සහ අත්පත්‍රිකා මුද්‍රණය කර ඛෙදාදීම
  • විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් කසල කළමනාකරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ
  • දැන්වීම් සකස් කිරීම

දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  • ඝන අපදුව්‍ය කළමනාකරණය සඳහා සෞඛ්‍ය කම්කරු නිලධාරීන් වෙනුවෙන් හැකියා වර්ධන පුහුණු වැඩමුළු පැවැත්වීම (ජාතික වෘත්තිය පුහුණු සහතිකය ලබා දීම - (Providing of National Vocational Qualification - NVQ 4)
  • කොම්පොස්ට් සකස් කිරීමේ නව ක්‍රමවේදයක් වන තකකුරා ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • පාසල් සිසුන් සඳහා කසල කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතී කටයුතු ඉටු කිරීම.
  • කොළඹ මහ නගර සභාවේ කසල බැහැර කරනු ලබන මීතොටමුල්ල කසල අංගනයේ තවදුරටත් අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීම සඳහා පදිංචි කරුවන් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම.
  • ගංවතුරින් හානියට පත්වූ කොළොන්නාව, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සීමා තුළ කසල ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වාහන හා උපකරණ ලබාදීම

  • පළාත් 9 ආවරණය වන පරිදි පළාත් පාලන ආයතන සඳහා බොබ් කැට් යන්ත්‍ර , සංඥා නාද උපකරණ කට්ටල, කම්පැක්ටර් රථ ලබාදීම
  • අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන උපාය මාර්ග, ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය සඳහා වන විශේෂඥ කමිටුවේ උපදේශන සභාවේ හා විශේෂඥ කමිටුවේ උපදෙස් පරිදි පළාත් 09 වෙනුවෙන් කසල කළමනාකරණය සඳහා වන සැලසුම් සකස් කිරීම කරගෙන යනු ලැබේ.