දැක්ම

සැමට වඩාත් සුවපහසු පරිසරයක්

අරමුණ

පළාත් පාලන බල ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම

කාර්යභාරය

  • පළාත් පාලන ආයතන සඳහා විධිමත් හා යෝග්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් හඳුන්වා දීම පිණිස නීතී සම්පාදනය හා උපදේශනය සැපයීම
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ නිසි තාක්ෂ‚ක සහාය පළාත් පාලන ආයතන වෙත ලබාදීම
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ දේශීය හා විදේශීය අත්දැකීම් නිර්මාණයෙහි ලා පළාත් පාලන ආයතන දිරිගැන්වීම
  • රාජ්‍ය නොවන සංවිධාන හා මූල්‍ය ආයතනයන්ගෙන් තාක්ෂ‚ක හා මූල්‍යමය සහාය ලබාගැනීමට පළාත් පාලන ආයතනවලට සහායවීම
  • පළාත් පාලන ආයතන තුළ පාරිසරික සංරක්ෂණ මධ්‍යස්ථාන(කොම්පෝස්ට් ව්‍යාපෘති) ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම
  • 3R ක්‍රමවේදය වැඩිදියුණු කිරීම
  • ගෘහස්ත කසල කළමනාකරණය සඳහා කොම්පොස්ට් බැරල් බෙදාදීම
  • පාසල්වල කසල කළමනාකරණය සදහා කසල බඳුන් ලබාදීම
  • පළාත් පාලන ආයතනවල කසල කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා කසල වෙන්කර එකතු කිරීමේ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • පළාත් පාලන ආයතන සහ පාසල් සිසුන් වෙත කසළ වෙන්කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් සහ අත්පත්‍රිකා මුද්‍රණය කර ඛෙදාදීම
  • විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් කසල කළමනාකරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ
  • දැන්වීම් සකස් කිරීම

දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  • ඝන අපදුව්‍ය කළමනාකරණය සඳහා සෞඛ්‍ය කම්කරු නිලධාරීන් වෙනුවෙන් හැකියා වර්ධන පුහුණු වැඩමුළු පැවැත්වීම (ජාතික වෘත්තිය පුහුණු සහතිකය ලබා දීම - (Providing of National Vocational Qualification - NVQ 4)
  • කොම්පොස්ට් සකස් කිරීමේ නව ක්‍රමවේදයක් වන තකකුරා ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • පාසල් සිසුන් සඳහා කසල කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතී කටයුතු ඉටු කිරීම.
  • කොළඹ මහ නගර සභාවේ කසල බැහැර කරනු ලබන මීතොටමුල්ල කසල අංගනයේ තවදුරටත් අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීම සඳහා පදිංචි කරුවන් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම.
  • ගංවතුරින් හානියට පත්වූ කොළොන්නාව, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සීමා තුළ කසල ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වාහන හා උපකරණ ලබාදීම

  • පළාත් 9 ආවරණය වන පරිදි පළාත් පාලන ආයතන සඳහා බොබ් කැට් යන්ත්‍ර , සංඥා නාද උපකරණ කට්ටල, කම්පැක්ටර් රථ ලබාදීම
  • අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන උපාය මාර්ග, ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය සඳහා වන විශේෂඥ කමිටුවේ උපදේශන සභාවේ හා විශේෂඥ කමිටුවේ උපදෙස් පරිදි පළාත් 09 වෙනුවෙන් කසල කළමනාකරණය සඳහා වන සැලසුම් සකස් කිරීම කරගෙන යනු ලැබේ.

සංවර්ධන ව්‍යාපෘති

පළාත් පාලන ආයතනවලින් නාගරික අපද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් පොහොර සඳහා වෙළදපොලක් නිර්මාණය කිරීම යටතේ පුහුණු වැඩමුළු පැවැත්වීම.

වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න

පළාත් මට්ටමින් සිදු කරනු ලබන ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ ඇගයීම

වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න

මාර්ගෝපදේශ

Details Sinhala Tamil English
පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කරමින්, චක්‍රීය ආර්ථීකයක් නිර්මාණය කිරීමෙහිලා එම ආයතන සතු වගකීම් ඉටුකිරීම Sinhala Tamil English

අංශ ප්‍රධාන

N.W.Ariyarathne එම්. කොඩිප්පිලිආරච්චි මහත්මිය
අතිරේක ලේකම් (පළාත් සභා හා පළාත් පාලන)
දුරකතන : +94 112 326 106
ෆැක්ස් : +94 112 324 142
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Unknown Persons ඉංජිනේරු එන්.ඩී.එන්. පුෂ්පකුමාර මහතා
අධ්‍යක්ෂක (ඝන අපද්‍රව්‍ය)
දුරකතන : +94 112 423 146
ෆැක්ස් : +94 112 302 722
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Unknown Persons කේ.ටී. මධුෂිකා මහත්මිය
සහකාර අධ්‍යක්ෂ
දුරකතන : +94 112 347 534
ෆැක්ස් : +94 112 347 535
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Unknown Persons ඉංජිනේරු එම්.ජී.සී.එම්.අබේකෝන් මයා
සහකාර අධ්‍යක්ෂ(ඉංජිනේරු)
දුරකතන :  
ෆැක්ස් :  
විද්‍යුත් තැපෑල :