කාර්යභාරය

පළාත් සභා වෙත මධ්‍යම රජය විසින් වාර්ෂිකව දෙනු ලබන ප්‍රදානයන් එම ආයතන විසින් උපයෝගී කරගනු ලබන ආකාරය පිළිබඳ අඛණ්ඩ ඇගයීමක් කිරීම විමංසන අංශයේ ප්‍රධාන කාර්යභාරයයි. මෙම කාර්යය සඳහා මධ්‍යම රජය විසින් දෙනු ලබන ප්‍රදාන, පළාත් සභා ඇස්තමේන්තු, සත්‍ය ආදායම් හා වියදම් සම්බන්ධ තොරතුරු උපයෝගී කරගනු ලබයි. මෙම තොරතුරු විමංසනය තුළින් මතුවන විචල්‍යතා හා ගැටළු පළාත් මූල්‍ය කළමනාකරණයේ අවධානයට ලක්කිරීමට කටයුතු කරන අතර, එමඟින් තම මූල්‍ය කටයුතුවල අපේක්ෂිත ඉලක්කයන් කරා පළාත් සභා යොමු කරවීම අරමුණු කෙරේ.

පළාත් පාලන ආයතනවල මූල්‍ය කාර්ය සාධනය සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාවක් සකස් කරනු ලබන අතර ඒ සඳහා පළාත් පාලන ආයතනවල ආදායම් වියදම් පිළිබඳ තොරතුරු මෙන්ම පොදු පහසුකම් හා කාර්ය මණ්ඩල පිළිබඳ තොරතුරුද උපයෝගී කරගනු ලැබේ. පළාත් පාලන ආයතන සඳහා පහසුකම් සම්පාදනයේදී මෙන්ම එම ආයතන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදීද මෙම තොරතුරු අතිශයින් වැදගත් වේ.

සිදු කරනු ලබන කාර්යයන්

  • පළාත් සභා 09 ට අදාළ ඇස්තමේන්තු, ආදායම්, වියදම්, කාර්ය මණ්ඩල තොරතුරු පිළිබඳ වාර්තා උපයෝගී කර ගනිමින් පළාත් සභා මූල්‍ය කාර්ය සාධනය සම්බන්ධයෙන් මාසික හා කාර්තු වාර්තා සකස් කිරීම.
  • පළාත් පාලන ආයතන 335 හි ඇස්තමේන්තු, ආදායම්, වියදම්, කාර්ය මණ්ඩල තොරතුරු හා පොදු පහසුකම් තොරතුරු ලබා ගැනීම හා එම තොරතුරු ඇසුරින් මූල්‍ය කාර්ය සාධන වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම හා දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් පාලන ආයතන ආදායම හා වියදම අනුව අනුපිළිවෙලින් පෙළගස්වා වාර්ෂික වාර්තා සකස් කිරීම.
  • ශ්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාරය වැනි ජාතික තලයේ ආයතනවලට තොරතුරු සැපයීම.
  • සියළුම පළාත් පාලන ආයතනවල අධිභාර අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • පළාත් සභාවල විගණන විමසුම් වාර්තා, බැංකු සැසඳුම් වාර්තා, අත්තිකාරම් ගිණුම් වාර්තා හා අග්‍රීම ගිණුම් සැසඳුම් වාර්තා කාර්තුමය වශයෙන් සමාලෝචනය කිරීම.

විමංසන අංශයේ සංවිධාන ව්‍යුහය

expenditure monitoring division org si

විමංසන අංශයේ කාලීන ප්‍රකාශන

  • පළාත් සභා මාසික මූල්‍ය කාර්ය සාධන වාර්තාව
  • පළාත් සභා කාර්තුමය මූල්‍ය කාර්ය සාධන වාර්තාව
  • පළාත් පාලන ආයතනයන්හි වාර්ෂික මූල්‍ය කාර්ය සාධන වාර්තාව
  • පළාත් පාලන ආයතනයන්හි ආදායම් හා වියදම් පිළිබඳ වාර්තාව (දිස්ත්‍රක්ක මට්ටමින්)

සම්බන්ධීකරණ තොරතුරු

විමංසන අංශය
+94 112 337 131
expendituremonitoring[at]yahoo.com

ගණකාධීකාරී 
+94 112 314 985

ශාඛා ප්‍රධානී
+94 112 305 326 දිගුව: 255

 

 

අංශ ප්‍රධාන

ඩබ්ලිව්.පී.විතාරණ මහතා
ප්‍රධාන මූල්‍ය නිලධාරී
Tel : +94 112 345 973
Fax : +94 112 347 532
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

බී.ඒ.ඩී.ඒ. අබේවර්ධන මිය
ප්‍රධාන ගණකාධිකාරී (වියදම් විමංසන)
Tel : +94 112 390 676
Fax : +94 112 337 131