අරමුණ

පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවන්ට එම ආයතනවලින් ප්‍රතිලාභ සැලසෙන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දේශීය අරමුදල් යෙදවීම තුළින් මහජන සේවා සම්පාදනය කාර්යක්ෂම හා ඵලදායී කිරීම සහ ඒ මඟින් අන්තර් පළාත් විෂමතා අවම කිරීමට දායකත්වය ලබා දීම.

අංශයේ ප්‍රධාන කාර්යභාරය

  • අඩු ආදායම් ලබන පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට අදාළව ආදායම් ඉහල දැමීම සඳහා ව්‍යාපෘතින් හඳුනා ගැනිම හා ක්‍රියාත්මක කිරීම.
  • අඩු ආදායම්ලාභි පළාත් පාලන ආයතන වල දෛනික මහජන සේවා සැපයිමේදි බාධාවන් වී ඇති පැරණි ගොඩනැගිලි අළුත්වැඩියාවන් හා නඩත්තු කටයුතු සඳහා වන පුනරාවර්තන වියදම් සිදු කිරීම.
  • අත්‍යවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ව්‍යාපෘති සංකල්ප පත්‍රිකා සකස් කර අනුමැතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
  • ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරිම හා ප්‍රගති සමාලෝචනය කිරිම.

ක්‍රියාත්මක කරන ප්‍රධාන සංවර්ධන වැඩසටහන්

  1. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන (ප්‍රාග්ධන)
  2. ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ වැඩසටහන (පුනරාවර්තන)

අප අංශය මගින් ඉටු කරනු ලබන අනෙකුත් කාර්යයන්

පළාත් පාලන ආයතන වල පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පහත කටයුතු කිරීම.

    • පළාත් පාලන ආයතනවලට අදාල වන පරිදි සංශෝධිත පුරවැසි ප්‍රඥප්තිය හඳුන්වා දීම.
    • පුරවැසි ප්‍රඥප්තිය ඇතුලත් අත්පොතක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදු කිරීම.

ව්‍යාපෘති - දේශීය අරමුදල්

1. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන (ප්‍රාග්ධන)

අරමුණ නාගරීකරණය සමග වෙනස් වන මහජන අවශ්‍යතා සපුරා ලීමටත්, පළාත් පාලන අයතනවල ස්වයං උත්පාදන ආදායම් මට්ටම් ප්‍රවර්ධනය කිරීමටත් මෙන්ම එම ආයතනවලින් සැපයෙන මහජන සේවාවන්හි ගුණාත්මකභාවය හා ඵලදායීතාව ඉහළ නැංවීමටත් හැකි වන පරිදි පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා එම පළාත් පාලන ආයතනයන්ට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම.
ප්‍රධාන ක්‍රියාකාරකම්
  • ප්‍රජා ජල ව්‍යාපෘති ඉදි කිරිම.
  • වෙළෙඳපොළ පහසුකම් සංවර්ධනය කිරිම.
  • සංචාරක ආකර්ෂණීය ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරිම.
  • පොදු වැසිකිළි පහසුකම් සංවර්ධනය කිරිම.
  • අදාහනාගාර ඉදි කිරිම.
  • බොජුන්හල් හා සුවපහසු මධ්‍යස්ථාන සංවර්ධනය කිරිම.

ක්‍රියාත්මක ප්‍රදේශය


2024 ප්‍රතිපාදනය

සියලුම පළාත් පාලන ආයතන (341)


2024 වර්ෂය සඳහා වෙන් වු රු. මි. 438 ක ප්‍රතිපාදනය පහත පරිදි යොදවා ගන්නා ලදී.

  • 2021 වර්ෂයේ අනුමත කර අර්ධ වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලදී.
  • 2023 වර්ෂයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට ලබා දුන් උපදෙස් අනුව ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීම.
  • 2024 වර්ෂය සඳහා ඉදිරිපත් වී ඇති අත්‍යවශ්‍ය නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ඡායාරූප  
     
නෙළුව ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සහ බාහිර කටයුතු - නෙළුව ප්‍රා.ස - දකුණු පළාත   නාගොඩ ප්‍රාදේශීය සභාව සඳහා වලකුඹුර හිදී ආදාහනාගාරය ඉදිකිරීම - නාගොඩ ප්‍රා.ස - දකුණු පළාත

බාගතකිරීම්

මාර්ගෝපදේශය (සිංහල) 
ආකෘති පත්‍ර ඇමුණුම - 01 (ප්‍රාග්ධන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේදී සැපයිය යුතු තොරතුරු)  
  ඇමුණුම - 02 (රු. මි. 10 ට වැඩි ව්‍යාපෘති)
  ඇමුණුම - 03 (නාම පුවරු ආකෘතිය)  
  ඇමුණුම - 04 (ප්‍රගතිය වාර්තා කළ යුතු ආකෘතිය)  

2. ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ වැඩසටහන (පුනරාවර්තන)

අරමුණ බොහෝ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පවත්නා පොදු පහසුකම් නිසි ලෙස නඩත්තු කිරීම හා අළුත්වැඩියා කිරීම සිදු නොවන බැවින් ප්‍රාදේශීය සභාවල එම පහසුකම් නඩත්තු හා අළුත්වැඩියා කිරීමට අදාල අරමුදල් ලබා දීම මගින් එම ආයතන වලින් ජනතාවට සැපයෙන සේවාවන් හි ගුණාත්මක භාවය හා ඵලදායීභාවය ඉහළ නැංවීමට කටයුතු කිරිම.
ප්‍රධාන ක්‍රියාකාරකම්
  • පොදු වැසිකිලි නඩත්තු / අළුත්වැඩියා කිරීම.
  • කාණු පද්ධති නඩත්තු කිරීම.
  • මහජන උද්‍යාන සහ ළමා උද්‍යාන නඩත්තු / අළුත්වැඩියා කිරීම
  • ආයුර්වේද මධ්‍යස්ථාන සහ ළමා හා මාතෘ සායන විධිමත්ව පවත්වා ගැනීම.
  • සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන විධිමත් කිරීම.
  • වාහන අලුත් වැඩියා කිරිම.

ක්‍රියාත්මක ප්‍රදේශය


2024 ප්‍රතිපාදනය

දිවයිනේ සියලුම ප්‍රාදේශීය සභා (276)

2024 වර්ෂය සඳහා වෙන් වු රු. මි. 16 ක ප්‍රතිපාදනය පහත පරිදි යොදවා ගන්නා ලදී.

  • 2023 වර්ෂයේ පැවති අතැති බිල්පත් නිරවුල් කිරීම.
  • ප්‍රාදේශීය සභාවල දෛනික රාජකාරි කටයුතු කර්යක්ෂමව පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය අළුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කිරීම.

බාගතකිරීම්

මාර්ගෝපදේශය (සිංහල) 
ආකෘති පත්‍ර ඇමුණුම - 01 (පුනරාවර්තන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේදී සැපයිය යුතු තොරතුරු)
  ඇමුණුම - 02 (නාම පුවරු ආකෘතිය)
  ඇමුණුම - 03 (ප්‍රගතිය වාර්තා කළ යුතු ආකෘතිය)