පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සමාලෝචන සමුළුවල පළමු සමුළුව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පසුගියදා (2025.01.18) පැවැත්විණි. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. 

<රජයේ ඉදිරි පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට ඇති ගැටළු හඳුනාගෙන කාර්යයන් ද්වීරණයකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විසඳුම්වලට එළැඹීම සඳහා දිවයිනේ සියලු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඒ ඒ පළාත් තුළ මෙම සමුළු පැවැත්වීමට නියමිතව පවතී. 2025 - 2029 පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වන්නේ වඩාත් ශක්තිමත් රාජ්‍ය සේවයක් බිහිකිරීම,  තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සහ තිරසාර පාරිසරික සංවර්ධනයක් ඇති කරගැනීම යන මූලික අරමුණු ඔස්සේයි. 

අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා ප්‍රකාශ කළේ රජය සෑම විටම රජයේ සේවකයා ආරක්ෂා කරන බවට තමන් සහතික වන බවයි. එනිසා කිසිදු සැකයකින් තොරව පස් අවුරුදු සැලසුම ක්‍රියාත්මක කිරීමේදී රජය සමග ඒකාබද්ධව කටයුතු කරන ලෙසද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර සමුළුව ආමන්ත්‍රණය කළ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා යනු හුදෙක් පරිසරය පිරිසිදු කිරීම පමණක් ම නොවන බවයි. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ඉදිරි පස් අවුරුදු සැලැස්ම ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පයට අනුව අංශ පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා පෙන්වා දුන්නේය. තවද වත්මන් රජය, රාජ්‍ය සේවකයා සහ මහ ජනතාව එකම ගමන් මගකට එළඹිය යුතු යැයි තීරණය කර ඇති මොහොතක රාජ්‍ය සේවකයාට සේවය කළ හැකි පරිසරයක් රජය විසින් ගොඩනගා ඇති බව ඒ මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෙර පැවති පාලන තන්ත්‍රයන් වලදී රටට අහිතකර දෙයක් වුවද දේශපාලන බලයට යට වී හෝ මර්ධනයට බියවී සිදුකිරීමට රාජ්‍ය සේවකයාට සිදුු වූවත් තමන් ඇතුළු වර්ථමාන රජය එවැනි තත්ත්වයකට ඉඩ නොතබන බවයි. රාජ්‍ය සේවකයා නිවැරදි නම් ඒ සෑම අවස්ථාවකම රාජ්‍ය සේවකයා වෙනුවෙන් සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම නියම පෙනී සිටින බවද  අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා සඳහන් කළේය

ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය අනුව

  1. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සහ අභ්‍යන්තර කාර්යයන් ඩිජිටල්කරණය
  2. කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය
  3. තිරසාර මූල ස්ථාවරත්වයක් ඇති කිරීම
  4. පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල සේවා පහසුකම් පුළුල් කිරීම
  5. තිරසාර පරිසර සංවර්ධනය

යන අංශ ඔස්සේ ඉදිරිට නියමිතයි පස් අවුරුදු සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් වූ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමෙහි ලා රජයෙන් ඉදිරියේදී ධනාත්මක පිළිතුරක් ජනතාවට ලැබෙනු ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ  නිලධාරීහු සඳහන් කළහ. විශේෂයෙන් අමාත්‍යාංශයට අයත් ආයතනවල කසල කළමනාකරණ ක්‍රියාවලියේදී, කසල කළමනාකරණ ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා මේ වන විට මූලික කටයුතු සිදු වෙමින් පවතී. එමෙන්ම අමාත්‍යංශ ආයතන වල කාර්ය සාධනය වෙනුවෙන් වූ ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් ආරම්භවීමට නියමිතය. කසල කළමනාකරණයේදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට යම් ආදායමක් ලැබුණහොත් එම ආදායම පළාත් සභා සහ පළාත් පාලන බල ප්‍රදේශවල ඇති ප්‍රධාන ගැටළුවල විසඳුම් සඳහා යොදවනු ඇති. 

මෙම ක්‍රියාදාමයෙහිලා පළාත් සභා සහ පළාත්  පාලන ආයතන වල නිලධාරීන්ට පවතින ගැටළු හඳුනාගෙන ඒවාට මූලික පිළියම් සිදු කිරීමත් අදාළ ව්‍යාපෘති පිළිබඳ මූලික දැනුවත් කිරීම සිදු කිරීමත් එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමත් මෙම සමුළු පැවැත්වීමේ අරමුණයි. ඉතා කඩිනමින් අනෙකුත් පළාත් අටෙහි මෙම කාර්යය සමාලෝචන සමුළු පැවැත්වීමට නියමිතව තිබේ.

සමුළුව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබංඩාර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ

IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG