වසර විසිහතරක දීර්ඝ ඉතිහාසයක් ඇති පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය පළාත් පාලන අයතනවල සභිකයන් හා නිළධාරීන් පුහුනු කරන එකම ආයතනය වන අතර එහි කාර්යය මණ්ඩලය ඇමතු රුවන් සෙනරත් නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසුවේ රටට විශාල සේවාවක් සිදුකරනු ලබන පළාත් පාලනය පිළිබඳ ශ්‍රි ලංකා ආයතනය වඩාත් විධිමත් හා ක්‍රමවත් ආකාරයට සකස් කිරිම තුළින් වඩා ගුණාත්මක ප්‍රතිඵල ලගා කර ගත හැකි බවයි ගමත් නගරයත් එකට යා කල හැකි ක්‍රමවේදයක් සකස් කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා දැනටමත් වැඩසටහන් සකස් කර ඇති බවත් පැවසීය

2025 මාර්තු මස වන විට පළාත් සභා මැතිවරණය පැවැත්විමට අදහස් කර ඇති බවත් ඒ සදහා මෙම ආයතනය තුළින් විශාල වැඩ කොටසක් සිදුවන බවත් නියෝජ්‍ය අමත්‍යතුමා පැවසීය.

2013 වසරේ ආරම්භ කර මුල්‍ය අක්‍රමිකතාවයක් හේතුවෙන් වැඩ අවසන් නොවු පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ මහල් අටකින් යුතු ගොඩනැගිල්ල නිරික්ෂණය කර එම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යතුමා අදාල නිලධාරින්ට උපදෙස් ⁣දෙන ලදි.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන,ස්වෙද්ශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන මහේෂිකා කොඩිප්පිලිආරච්චි, නිශාන්ත කරුණාතිලක, එච්.එම්. ජේ. එම්. හේරත්, පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය සුරතිස්ස දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් සහභාගීවූහ

 

IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG

ව්‍යාපෘතීන් හී තත්වය

01