ඌව සහ උතුරු පළාතේ බැහැර කෙරෙන ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම උදෙසා වන විශේෂ ව්‍යාපෘතියට කොරියානු ජ්‍යාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (KOICA) සිය සහාය පළ කර තිබෙනවා. මේ සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10.6කි. මෙම සම්පූර්ණ මුදල කොරියානු රජය මඟින් ලබාදෙන ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වේ. මේ සඳහා වන සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පලාන අමාත්‍යාංශ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා, කොරියානු ජ්‍යාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ කිම් යන්ග්ජින් මහත්මිය හා විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් අතින් පෙරේදා දින (04 දා) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිදු විය.
වසර දෙකක් පුරා කරන ලද පාරිසරික අධ්‍යයනයන් මෙම ඉඩම් හඳුනා ගැනීම සිදු කර ඇති අතර, මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්යේ මීගහකිවුල ප්‍රදේශයේ හා වව්නියාව ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ අංගන දෙකක් ඉදිකිරීමට පියවර ගැනෙනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශයන්හි මාර්ග, විදුලිය ආදී යටිතල පහසුකම්හි සංවර්ධනයක් සිදු කිරීමට නියමිත අතර, එමඟින් ප්‍රදේශයේ ජනතාවගේ ජනජීවිතය නංවාලීම මෙන්ම සෘජු හා වක්‍ර රැකියා අවස්ථා නිර්මාණය කිරීමද අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම කොරියානු ජ්‍යාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ නිලධාරීන්ද සහභාගි විය