අභිනවයෙන් පත් වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා 2024.11.19 වන දින (අද) ටොරින්ටන් පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී වැඩ භාර ගන්නාලදී.
නව දේශපාලන සංස්කෘතියක් ඇතිවූවා සේම රටේ දියුණුව සඳහා වැඩ කිරීමේ නව සංස්කෘතියක් ඇති විය යුතු බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට කියා සිටියේය.
කැලණි විශ්ව විද්‍යාලයේ උපාධිධරියකු වන චන්දන අබේරත්න මහතා කැලණි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටියහ.