පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක ග්‍රාමිය පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන රත්නපුර දිස්ත්‍රිකයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකරනු ලබන වතුරාව හා හගරංගල යා කෙරෙන පාලමේ වැඩ ආරම්භ කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.01.19 දින සුබ මොහොතින් සිදු කෙරිනි.
නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මඟින් මෙම පාලම ඉදිකෙරේ. පෙර තිබු අබලන් පාලම් වෙනුවට දිගින් මීටර් 30 ක් ද පළල මීටර 5.5 යුත් මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත වියදම මිලියන 100 වේ. මෙමගින් පවුල් 1000 ට අධික ප්‍රමාණයකට පමණ ප්‍රතිලාභ අත්වේ.
මේ අවස්ථාවට කලවාන ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු ප්‍රාදේශීය සභා සභාපතිතුමන් හා උපසභාපතිතුමන් ඇතුළු මහජන නියෝජිතයන්ද, ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළාත් ඉංජිනේරුතුමන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.