රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්සභා පළාත් පාලන අමාත්‍යංශය වෙත ජපානයේ kawaguchi පළාත් පාලන ආයතනය විසින් ජපානයේ sai net ආයතනය හරහා රු 21,973 000 ක වටිනාකමකින් යුත් ගිලන් රථය දෙහිඅත්තකන්ඩිය රෝහල වෙත ලබාදීම එම අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රදානත්වයෙන් පළාත් සභා අමාත්‍යංශයේ දී සිදුකෙරුණි එම අවස්ථාව නියෝජනය කරමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එම් එම් නයිමුදීන් අතිරේක ලේකම් ඊ එස් ජි එදිරිසිංහ මහතා ඇතුළු අමාත්‍යංසයේ නිලධාරීන් පිරිසක් සහ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ( ව්‍යාපෘති අධ්‍යක්ෂක ආසියානු සංවර්ධන බැංකුව) , ජපානයේ kawaguchi ආයතනය හා sai net ආයතනය නියෝජනය කරමින් නිලධාරි පිරිසක් සහ දෙහිඅත්තකන්ඩිය රෝහලේ වෛද්‍ය පී පී විජේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.