විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය භාෂා දැනුම හා වෘත්තීය පුහුණුව ලබා දී ඊට අදාළ සුදුසුකම් සම්පූර්ණ කරදීම සඳහා වන වැඩසටහන් මාලාවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ව්‍යාපෘති විසින් ආරම්භ කරන ලදී.

එහි පළමු වැඩසටහන ලෙස ජපානයේ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන සඳහා (SSW) වන ජපන් භාෂා පදනම් විභාගයේ මූලික අදියර (JFT Basic) පුහුණු වැඩසටහන 2022 මැයි මස 21 වැනි දින ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන මුළුමනින්ම නොමිලේ පැවැත්වෙන අතර මාස 06 ක් අඛණ්ඩව පවත්වා JFT Basic පරීක්ෂණයට සිසුන් යොමු කරනු ලැබේ.
මෙම වැඩසටහන ආරම්භයේදී අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර මහතා, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි පලාත් පාලන ආයතන වල ධාරිතා ප්‍රවර්ධන ඒකකයේ ප්‍රධානී ජූඩ් වෝල්ටන් මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රණ්දෙණිය මහතා සහ අමාත්‍යාංශයේ පාලන හා පුහුණු අංශයේ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා යන මහත්වරුන් විසින් අදහස් එකතු කරන ලදී.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා 400 කට ඉක්මවූ පරිසක් සහභාගී විය.

japan