පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතාගේ මඟපෙන්වීම මත දීප ව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් 2022 ජනවාරි මස 20 සහ 21 යන දෙදින ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වේ. එහි සමාරම්භක වැඩසටහනක් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 20 වන දින මෙම අමාත්‍යාංශයේ පවත්වන ලදී. මෙහිදී ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිරිසිඳු කිරීමට අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය උද්යෝගයෙන් සහභාගී විය. මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සදහා ශ්‍රි ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාසල්, රෝහල්, පොලිස් ස්ථාන ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහභාගී විය.
|
||||