ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහන
ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2019/03/22 දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී පැවැත්වීමට යෙදුණි.
එහිදී රාජ්‍ය නිළධාරීන් විසින් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රතිඥාව ලබා දුන් අතර පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට කියැවෙන දේශනයකින් හා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී කහගල්ලේ ශාන්ත ස්වාමීන් වහන්සේ ගේ සුමධුර ධර්මදේශනයකින්ද යුතු වූ ආගමික වැඩසටහනක්ද පවත්වන ලදී.
මේ සඳහා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා, අතිරේක ලේකම් නයනා නාථවිතාරණ මහත්මිය ඇතුළු සියලුම නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී වන ලදි.