“ මං හිතන්නේ අද දේශපාලනයෙන් යැපෙන උදවියට වඩා දේශපාලනයෙන් ඈත් වූ සමාජයට යමක් කරන්න පුළුවන් කාන්තාවන් දේශපාලනයට ඇදගැනීම තමයි අපේ විශ්වාසය. මම එදත් කිව්වේ අදත් කිව්ව දෙයක් තමයි දේශපාලනයේදී අපි මේ දේශපාලන ක්ෂේත්‍රෙය් ඉන්න කාන්තාවන් ඇදගන්නවට වඩා සමාජ සේවයේ, සමාජයේ සුපිරිසිදු චරිත දේශපාලන ක්ෂේත්‍රයට ඇදගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි දීපා එදිරිසිංහ මහත්මිය වගේ කාන්තාවන් අපේ ලැයිස්තුවට දාන්නේ.  මං හිතන්නේ ඒක කලේ නැත්නම් අපිට මේක සමාජ ගත කරන්න බෑ. සමහර දේශපාලනඥයන්ගේ සහෝදරිය, නැත්නම් බිරිද, මේ ලැයිස්තුවල දාලා දේශපාලනයේ කරන උදවියත් ඉන්නවා. හැබැයි අපි ඒ අතිගරු ජනාධිපතිතුමා ඒ දේශපාලනයෙන් ඈත්වෙන්න කියන එක තමයි එතුමා සෑම කෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නේ. ඒවගේම මගේ අමාත්‍යංශයේ එක පවුලෙන් එක්කෙනෙක් කියන තේමාව යටතේ දේශපාලනය කළ යුතුයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ කියන්නේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන හෝ පාර්ලිමේන්තුවේ ඒ අදියර තුනේ සිටිය යුත්තේ එක්කෙනෙක් කියන එකයි මගේ මතය. මං අතිගරු ජනාධිපතිතුමත් එක්කත් මේ ගැන සාකච්ඡා කළා. මේක ස්වේච්ඡාවෙන් දේශපාලනය කළ යුතුයි. නැත්නම් පළාත් සභාවට භාර්යාව දානව, එතුමා දානවා පාර්ලිමේන්තුවට. ඊටගල පුතා හා දුව දානවා ප්‍රාදේශීය සභාවට. ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. එවගේම මම මාධ්‍යෙයන් ඉල්ලා සිටිනවා එවැනි දේශපාලනයක නිරතවන උදවිය ගැන ජනතාව දැනුවත් කරන්න. හැබැයි මේ රටේ මිලියන 21ක් ඉද්දි අපි සෑම කෙනෙකුටම අවස්ථාව දිය යුතුයි. මේ රටේ මේ දේශපාලන වෙනස කළේ නැත්නම් පවුල්වාදයෙන් දේශපාලනය කරන්න බෑ. සමහර උදවිය හිතනවා ඒගොල්ලන්ගේ පවුලට පමණක් සීමා කරලා දේශපාලනය කරන්න. ඒ දේශපාලනය රටට නුසුදුසුයි. මේක විහිලුවක්. මේ රටේ මිලියන 21ක් ඉන්නවා. තැනක් දෙන්න ඒ අයට. තැනක් දුන්නා නම් ඒ අය ඉස්සරහට එනවා. ”

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදියි. මෙවර මැතිවරණයේදී සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය තහවුරු කරමින් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා, අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලැබීමෙන් අනතුරුව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා.

“අතිගරු ජනාධිපතිතුමා මේ පළාත් පාලන ඡන්දයෙදි සුපිරිසිදු චරිත, ජනතා හිතකාමී පුද්ගලයන් මේ ඡන්දෙට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ ගමේ ඡන්දයෙදි පක්ෂෙට වඩා ඒ බල ප්‍රදේශය සහ ලැයිස්තුවේ දාන චරිත බලපානවා. හේතුව අද සුපිරිසිදු චරිත වගේම සමානුපාතික ලැයිස්තුවේ ඒ බල ප්‍රෙද්ශයට වැඩක් කරන්න පුළුවන් චරිත ඉදිරිපත් කිරීම අද රටට ඒ තත්වය උදාවෙලා තියෙනවා. අපි දන්නවා පළාත් පාලන ආයතන ගැන අද ජනතාවට තියෙන මතය. අපි දැකලා තියෙනවා පළාත් පාලන මන්ත්‍රිවරු කොන්ත්‍රාත්කරුවන් වෙලා තියෙනවා කියලා. ඒනිසා සමාජයේ පළාත් පාලන මන්ත්‍රි ගැන තියෙන මතය තුරන් කිරීමට අපි යම් වැඩපිළිවෙලක් කළ යුතුයි කියන මතය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තියෙනවා.  එදිරිසිංහ මහත්මිය දේශපාලන ක්ෂේත්‍රෙයන් ඈත්වූ කෙනෙක්. නමුත් අද අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගර සභාව තුළ ශක්තිමත් කරීම වෙනුවෙන් එතුමිය ඉදිරිපත් වෙලා තියෙනවා අපේ අපේක්ෂකයෙක් හැටියට.  අපි දන්නවා සෝමා එදිරිසිංහ මහත්මිය මේ රටේ විශාල සේවයක් කරලා තියෙනවා. එදිරිසිංහ පවුල දේශපාලනයට පිවිසිලා නෑ. නමුත් අද රටට උදාවෙලා තියෙනවා දේශපාලනයෙන් ඈත් වූ සුපිරිසිදු පවුල්වල උදවිය දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න. මං හිතන්නේ එය පක්ෂෙට විශාල ශක්තියක්. එතුමිය සමාජ සේවය කොළඹ නගරය තුළ විශාල වශයෙන් කරලා තියෙනවා. ඒවගේම සෝමා එදිරිසිංහ මහත්මියගේ අඩිපාරේ එතුමියත් ගමන් ගන්නවා. අපි දන්නවා එදිරිසිංහ පවුල සමාජයට ඉතාමත් හිතකාමී සමාජ සේවයේ නිරතවූ උදවිය. මම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය භාරගත්තට පස්සේ මම දේශපාලන පක්ෂවලින් කරපු ඉල්ලීම සුපිරිසිදු චරිත දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත් කිරිම සියලුම පක්ෂ කළ යුතුයි කියලා. ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් තමයි අද දින එදිරිසිංහ මහත්මිය අපෙන් ඉල්ලන්නේ. ”

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දීපා එදිරිසිංහ මහත්මිය.

“ මං ඇත්තටම දේශපාලනයට පිවිසීම ගැන මං සන්තෝෂවෙනවා. මොකද මම ඒ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තෝරා ගත්තේ ඒක පිරිසිදු පක්ෂයක් කියලා මට හිතුණ නිසා. මං ඉදිරි කටයුතු කිරීමට කාන්තාවන් සමඟ එකතු වී ඉදිරියට යෑමට මං බලාපොරොත්තුවෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, ෆයිසර් මුස්තාෆා මහතාත් ලොකු සහයෝගයක් දෙනවා. ඉතිං ඉදිරියටත් මට ඒක ලැබෙයි කියලා මං කල්පනා කරනවා. මං සමාජ සේවයට පැමිණියේ අද ඊයේ නෙමෙයි. මගේ මව ජනසරණ සහ පුනර්ජිව අරමුදල 2008 ඉදලා අපි ඒ දෙකම කරගනෙ ඉදිරියට ගියා. අපි දැනුත් ඒක කරගෙන යනවා. අපිට හැකි මට්ටමින්. ඉතිං මම ඇත්තටම කල්පනා කෙරුවා රටට සේවයක් කරන්න කාන්තාවන්ට දේශපාලනයට ආවොත් මට ඊට වැඩිය දෙයක් ඒ කාන්තාවන් වෙනුවෙන් කළ හැකියි කියලා. මම ඒ සම්බන්ධව තමයි දේශපාලනයට පිවිසෙන්න තීරණය කළේ. ”

DSC 0310 DSC 0321 DSC 0318