ලෝක බැංකුවේ සහ කේරළ ප්‍රාන්ත ආණ්ඩුවේ ආරාධනය මත කේරළය බලා පිටත්ව ගිය අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇතුළු දූත පිරිස ඊයේ කේරල ප්‍රාන්තයේ ප්‍රධාන නගරයක් වන කොචිහි ප්‍රාදේශීය දේශපාලනඥයින් හමුවුණා.

ඒ අන්තර් ජාතික හා වගකිවයුතු ප්‍රාදේශීය පාලනය පිළිබඳ දැනුම හුවමාරු කිරීම - කේරල අත්දැකීම නමින් සංවිධාන කර තිබූ වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවේදීයි.

කේරළ ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කළ මෙම තෙදින වැඩමුළුවට සහභාගිවන දූත පිරිසට පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමන්, උතුර, නැගෙනහිර සහ ඌව පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන්, කොමසාරිස්වරු ඇතුළුව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරින් 13න් දෙනෙකු ඇතුළත් වෙනවා.

එහිදී අමාත්‍යතුමන් ප්‍රමුඛ දූත පිරිසට ලැබුණේ ඉහළ පිළිගැනීමක්.

“කේරළයේ ප්‍රාදේශීය සභාවල කාන්තාවගේ භුමිකාව” යන මැයෙන් පැවැත්වෙන මෙම තෙදින වැඩමුළුවේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී පැවති වැඩමුළුවට කේරල ප්‍රාන්ත ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කාන්තා දුබලතා සහ දිළිදුකම පිටු දැකීමේ වැඩපිළිවෙල සකස් කිරිම සහ ක්‍රියාත්මක කිරිම මඟන් රාජ්‍ය දරිද්‍රතාවය පිටුදැකීමේ මෙහෙයුමේ සාමාජිකයින්ද එක්ව සිටියා.

එහිදී කේරළයේ දරිද්‍රතාවය පිටු දැකීමේ වැඩපිළිවෙලේදී සහ පළාත් පාලන සංවර්ධනයේදී  කාන්තාවගේ දායකත්වය පිළිබඳව පැමිණ සිටි මෙරට දූත පිරිස දැනුවත් කෙරුණා.

කේරළයට සාපේක්ෂව පළාත් දේශපාලනය සඳහා කාන්තා නියෝජනය අඩුවුවත් වර්තමානයේ එම තත්ත්වය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති සාධනීය පිරවරයන් සහ පළාත් සභා අමාත්‍යංශය ලෙස කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමට ගෙන ඇති පියවරයන් පිළිබඳව එහි සිටි කේරල දේශපාලනඥයින් දැනුවත් කෙරුණා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා එහිදී අවධාරණය කළේ ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය බිහි කිරීමේ ගෞරව තවදුරටත් රැකගනිමින් ලංකා ඉතිහාසයේ පළමුවරට මෙවර පළාත් පාලන ආයතන සඳහා සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය තහවුරු කිරීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් ඊට කළ හැකි සෑම කර්තව්‍යයක්ම කරන බවයි.

එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය මෙරට ජනතාවට සුවිශේෂි මැතිවරණයක් වන බවත් ඒ තුළින් කාන්තාවන් රටේ සංවර්ධන කටයුතුවලට ඉදිරියේදී සිය දායකත්වය නොබියව ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යතුමා එහිදී පැවසුවා.

ඉන්දීය ප්‍රාදේශිය දේශපානඥයින් ලංකාවේ කාන්තා නියෝජනය පිළිබඳව සහ රටේ සංවර්ධනය  පිළිබඳව ද ප්‍රශ්න සහ පිලිතුරු සපයන අවස්ථාවේදී ඉතා උනන්දුවෙන් අමාත්‍යතුමන්ගෙන් කරුණු විමසා සිටියා.

අනතුරුව දූත පිරිස පළාත් පාලන නීතියේ වගවීම හා යාන්ත්‍රික විගණනය පිලිබඳව තෝරාගත් කාන්තා නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වූවා.

IMG-20171211-WA0032 IMG-20171211-WA0022   IMG-20171211-WA0016