පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2022 ජනවාරි 8 දින පොලොන්නරුව ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදි.ගරු අමාත්‍ය රොශාන් රණසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියාත්මක වන අධ්‍යාපන ,මාර්ග,රෝහල්, පාලම් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති විශාල ගණනක් මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී.වීරසේකර, පොලොන්නරුව මහ දිසාපති ඩබ්. ඒ. ධර්මසිරි ,උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ජේ කේ.එන් වික්‍රමසිංහ මහත්වරුන් සමග පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඈයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.
|
||||