පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමිය පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මඟින් ඉදිකරනු ලබන රත්නපුර බටුගෙදර හා ඉහළ හකමුව යාකෙරෙන පාලමේ වැඩ ආරම්භ කිරිම අද (17 ) වන දින සුබ මොහොතින් වැඩ ආරම්භ කෙරේනි

නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මඟින් මෙම පාලම ඉදිකෙරේ. රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක යාකරමින් මින් පෙර තිබු අබලන් කම්බි පාලම් වෙනුවට මීටර් 30ක් දිග මෙම පාලම ඉදිකෙරෙන අතර මෙමගින් පවුල් 2000කට පමණ ප්‍රතිලාභ අත්වේ.

මෙම අවස්ථාවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර මැතිතුමා, පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂමන් ප්‍රේමරත්න මැතිතුමා, රත්නපුර නගරසභාවේ හිටපු නගරාධිපති සහ උප නගරාධිපතිතුමන් ද හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රිවරුන් ,රාජ්‍ය නිලධාරින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG