අද දින (16) උදෑසන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ නව දකුණු කොරියානු තානාපති ලී හොන් මහතා අතර සුහද සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.
එහි දී පළාත් පාලන ආයතන වල කාර්ය භාරය වඩාත් විධිමත් කිරීම සදහා දකුණු කොරියානු රජකේ උපදේශනය හා සම්පත්දායකත්වය පෙරටත් වඩා නව මුහුණුවරකින් ලබා දීමටත් ශ්‍රී ලාංකාව හා කොරියානු රජය අතර ඇති මිත්‍රත්වය තව දුරටත්පවත්වාගෙන යෑම සදහා සාකච්ඡා කෙරිණි. පළාත් පාලන ආයතන විසින් කසළ රැස් කරන මධ්‍යස්ථාන වෙත කසල ප්‍රවාහනය කිරීමට කම්පැක්ටර් රථ 190 ක ප්‍රමාණයක් කොරියානු රජය විසින් ශ්‍රී ලාංකාව රජය වෙත ලබා දීමටත් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය. පළාත් පාලන ආයතන සදහා කුඩා පරිමාණ කසළ මගින් හරිත විදුලි බලය උත්පාදන ව්‍යාපෘති මෙරටට හදුන්වා දීමට අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉල්ලීමට එකගතාවය පළ කෙරිණි.
මෙහිදී තවදුරටත් පළාත් පාලන ආයතන වෙත කොරියාවේ භාවිත නාගරික ගිනි නිවීමේ උපකරණ හා තාක්ෂණය මෙරටට ලබා දෙන ලෙස ද ඉල්ලීමක් ගරු අමාත්යතමා විසින් කරන ලදී.
මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් එච්ගටීග කමල් පත්මසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.