මැද කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ෆයිසර් මුස්තෆා පදනම එක්ව සංවිධානය කළ මැද කොළඹ බල ප්‍රදේශයේ ඇති දහම් පාසැල්වල ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ  ගුරු පුහුණු වැඩසටහනක් ගරු පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ  මග පෙන්වීම යටතේ  පසුගියදා කොළඹ 14, ශ්‍රී සෝමානන්ද විහාරස්ථානයේ දී පැවැත්විනි. එහි දී දහම් පාසැල්වල ගුරුවරුන් හට සහතිකපත්‍ර ප්‍රධානයෙන් අනතුරුව දහම් පැසැල් ගුරුවරුන් හා සහභාගී වූ පිරිස අමතූ  අමාත්‍යවරයා,

“මේ රටේ සංස්කෘතිය ඉදිරිපරම්පරාවට ආරක්ෂා කිරීමට දහම් අධ්‍යාපනය අවශ්‍යයි. අද අපි දකිනවා දෙමව්පියන් ආගම ධර්මය අමතක කරලා තමන්ගෙ දරුවන්ට අධ්‍යානය ගැන පමණක් උනන්දුවක් දැක්වීම, මා හැමදාම කියන ආකාරයට මිනිසා හා තිරිසනා අතර ඇති පරම වෙනස වන්නේ දහම හෝ අධ්‍යාපනයයි. යම් අයෙකුට බලාපොරොත්තුවක් ඇති කිරීමට හෝ තමන්ගේ ජීවිතයේ යම් පලයක් ඇති කිරීමට ධර්මය අවශ්‍ය  වන බව සදහන් කිරීමට මම කැමතියි.

පසුගිය කාලේ සමහර ආණ්ඩු නීති ගෙන ඒමට හැදුවා කැසිනෝ නීතිගත කරන්නට. එහි ප්‍රතිපලයක් වූයේ එම ආණ්ඩුව වැටුණු එක. හේතුව අපේ රට ආර්ථිකයට වඩා දහමෙන් සංස්කෘතියෙන්  පෝෂණය වූ රටක්.

මම තීරණයක් ගත්තා  සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම වැසීමට. හුගක් අය කිව්වා ඉතිහාසයේ සිටම සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම  තියෙනවා. ඒ නිසා එය කරගෙන යා යුතුයි කියා. නමුත් මම ඒ ගත් තීන්දුව ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මා දැනුවත් කලා. අපේ රටේ සමාජ විරෝධී ක්‍රියා අඩුකිරීමටත්  මේ රටේ ආර්ථිකමය  හා සමාජමය වශයෙන්  පෝෂණය වීමට දහම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.

අද දහම් අධ්‍යාපනය පිළිබද නිසි දැනුමක් නැතිව ඊළග පරපුරට එය ලබා දීමට නොහැකියි. දහම් පාසැල් ගුරුවරයෙකුට වගකීමක් තියෙනවා ළමයින්ගේ අද්යාත්මික බව තවතවත් වැඩි කිරීමට දහම් අධ්‍යාපනය විධිමත්ව ලබා දීමට .

බුදු දහම බෞද්ධ සංස්කෘතිය මගෙ හදවතට ඉතාමත් කිට්ටුයි. මම මල්වතු හා අස්ගිරිය පන්සල් කේන්ද්‍ර කොට ගෙන  මහනුවර දිස්ත්‍රික්කයේ  දහම් පාසැල් ගුරුවරුන්ට  විශාල වැඩසටහනක් දියත් කලා. බුදු දහම කියන්නේ  ජීවන රටාවක් ,එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මම මුස්ලිම් භක්තිකයෙක් උනත් බුදු දහම තුල ඇති

දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම්  මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.

පොදුවේ ගත් කල මේ රටේ සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට මේ රටේ බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්ථාව ලෝකයේ කිසිදු රටක නැති බව අප දැන ගතයුතුයි.

අද මම තමුන්නාන්සේලා ඉදිරියේ  මුස්ලිම් භක්තිකයෙක් හැටියට  අද මේ කථාව පවසන්නේ මම මුස්ලිම් පවුලක උපන් නිසා. අද තමුන්නාන්සේලාගෙන් බහුතරයක් බුදුදහම අදහන්නේ. බෞද්ධ පවුලක උපන් නිසා. ඒ නිසා එසේ ආගම ධර්මය  බොහෝ අවස්ථාවලදී  උත්පත්තියෙන් ම තීන්දු වූ දෙයක්.

මේ රටට අවශ්‍ය මෛත්‍රීය කරුණාව, සහජීවනය. සියළු ජාතීන්හට ඇතුලත් කිරීමේ හැකියාව බෞද්ධ දර්ශනය තුලින් තිබෙනවා”.

DSC 1923 DSC 1816