පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන් සඳහා පුහුණු වැඩමුළු 8ක් පැවැත්විණි. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරියන් සඳහා පුහුණු වැඩමුළු 08 ක් 2021 වර්ෂයේදී පවත්වන ලදී.

මේ යටතේ පළාත් පාලන ආයතන වල සභා ක්‍රමවේදයන්, තින්දු හා තීරණ ගැන්වීම, ඵලදායිතාවය සංවර්ධනය කිරීම හා අභියෝග ජය ගැන්වීම අරමුණ කර ගැණුනි. එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකිරීම, කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් යන කරුණු පිළිබඳව ද එහිදී දැනුවත් කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියන් 39 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියන් 20 ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියන් 16 ක් ඇතුළු මහනුවර, මාතර, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 04 ක මන්ත්‍රීවරියන් 302ක් පුහුණුව ලබා ඇත.

දැනට පළාත් පාලන ආයතන 341 හි මන්ත්‍රීවරියන් 2000 ට අධික පිරිසක් කටයුතු කරනු ලබයි.

 

new sec

 

new sec 11  
         
new sec 10   new sec 12