DSC 0148“මට සහ මගේ ලේකම්තුමාට තිබුණ අභියෝග මේ අවුරුදු දෙකේ කිසිම ඇමති කෙනෙකුට හෝ ලේකම් කෙනෙකුට තිබුණේ නෑ.හැබැයි අපි හෘද සාක්ෂියට එකගව හරි දේ වෙනුවෙන් පෙනී සිටින නිසා මං හිතන්නේ අපිට කොන්ද කෙලින් තියාගෙන ඕනම ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව ලැබුණා. විශ්වාසභංග යෝජනා එකක් නෙමෙයි, දෙකක්. ඒ අභියෝග දෙකකට මුහුණදිමට සිදුවූ එකම ඇමති හැටියට මම දකිනවා. මම විශ්වාස කරනවා අන්තිමට සත්‍ය ජයගත්තා. අපි අභියෝගවලට මුහුණ දුන්නා. රට සහ ජනතාව අපිත් එක්ක හිටියා. අපි වැරදිකරු කියපු සමහර උදවිය අපිත් එක්ක එකතුවෙලා මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට කැපවී සිටියා.”

අමාත්‍යතුමා මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පසුගිය දෙවසර තුළ පළාත් පාලන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ 2018 වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව වැඩසටහන් පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා.

“මේ අමාත්‍යංශය කවදාවත් දේශපාලන දෘෂ්ටිකෝණයකින් බැලුවේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිනෙකෙකු වුවත් නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ට හෝ ඇමතිවරුන්ව හෝ මන්ත්‍රිවරුන්ට පමණක් සේවය කිරිමට අපි සීමා වුණේ නෑ. අපි දැවැන්ත සංවර්ධනේ කරනකොට මෙම අමාත්‍යංශය විවෘත දොරක් වුණා. ඕනම දේශපාලන පක්ෂයකට ඕනම කෙනෙකුට උදව් කරන්න අපි අත දුන්නා. ඒවගේම මුලින්ම ආපු කෙනාට අපි පක්ෂ භේද බලන්නැතුව අපි උදව් කරලා තියෙනවා. අපි බිම්මට්ටමට තමන්ගේ කර්තව්‍ය කිරීමට අපි අත දුන්නා. නොයෙක් අමාත්‍යංශ නොයෙක් විධිවිධාන අනුමත කරලා තියෙනවා. සමහර අමාත්‍යංශ ඍජුව ටෙන්ඩර් කැදවලා තියෙනවා. හැබැයි අපි පළාත් පාලන සහ පළාත් සභාවලට තමන්ගේ කර්තව්‍ය කිරීමේදී අතදිය යුතුයි කියන මතේ උඩ තමයි අපි වැඩකලේ. සමහර අමාත්‍යංශ රේඛීය අමාත්‍යංශ ඔක්කොම බදාගන්නවා. පලාත් පාලන ආයතන හිර කරනවා. පළාත් සභා හිරකරනවා. මුදල් පාලනයේදී තමන්ගේ ආධිපත්‍ය ගෙනියනවා. හැබැයි අපි කලේ පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට මුදල් දුන්නා, අපිත් අත දුන්නා ඒගොල්ලන්ගේ සංවර්ධන කටයුතුවලට. මේ අපේ මුදල්... තමුන්නාන්සේලා අපි කියන විදියට වැඩකරන්න ඕන කියන මතයේ අපි හිටියේ නෑ. අපිට අවශ්‍ය කරන්නේ රටක් හැදිමේදී සියලු දෙනාගේම දායකත්වය. අපි දෙමළ සන්ධානය එක්ක උතුරේ වැඩකරලා තියෙනවා.. නැගෙනහිර මුස්ලිම් පක්ෂ එක්ක වැඩ කරලා තියෙනවා. අපිට දේශපාලනයක් නෑ. බොහෝ අමාත්‍යාංශවල විශාල සම්පත් ප්‍රමාණයක් තමන්ගේ බල ප්‍රදේශයට යොදනවා. මං වගකීමෙන් කියනවා මගේ බල ප්‍රදේශයට මං අපේ අමාත්‍යංශයේ සම්පත් යොදපු ප්‍රමාණය බොහෝ අමාත්‍යංශවල ඇමතිවරු යොදපු සම්පත්වලට වඩා විශාල වශයෙන් අඩුයි කියලා. හේතුව අපි ඇමතිකම් ලබලා තියෙන්නේ රට ඉදිරියට ගෙනියන්න.”DSC 0197

ප්‍රාදේශීය විෂමතා අවම කිරීම සදහා 2016 වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් දියත් කළ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 22,164ක් ආයෝජනය කර ඒ මගින් පළාත් 9ම තුළ මිලියන 5කට අධික පිරිසක් වෙත ප්‍රතිලාභ සලසා ඇත.

2016 වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහා රුපියල් මිලියන 25,281ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් ලබා දි ඇති අතර එයින් රුපියල් මිලියන 22,164ක් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට හැකි වූ අතර සමස්ථ ප්‍රතිපාදනයන්හි උපයෝගීතාව ප්‍රතිශතයක් ලෙස 91.25% කි.

2017 වසරේ අයවැය මගින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 19ක් සදහා රුපියල් මිලියන 36,070.75ක මුදලක් වෙන් කර තිබෙනවා.

2017 වර්ෂය තුළ දේශිය අරමුදල් ප්‍රතිපාදන මත සංවර්ධන, පළාත් පාලන සහ පළාත් සභා, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ යන ක්ෂේත්‍රයන්ගේ ව්‍යාපෘති සඳහා පමණක් රුපියල් මිලියන 14,650.35ක මුදලක් වෙන් කළ අතර පුරනැඟුම, මහ කොළඹ අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ අදියර 2 සහ 3, ඉරණමඩු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, කිලිනොච්චි ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය, ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, උතුරු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය, ද්විතියික ආංශික සංවර්ධන ව්‍යාපෘතිය, පාසැල් අධ්‍යාපන පද්ධතිය පරිණාමනය කිරීමේ ව්‍යාපෘතිය, පළාත් පාලන ආයතන සඳහා කැලිකසල එකතු කිරීමේ කම්පැක්ටර්සි 151ක් ලබාදීම, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යන ප්‍රධාන ව්‍යපෘතීන් සඳහා රුපියල් මිලියන 30,164ක මුදලක් විදෙස් ප්‍රතිපාදන ලෙස ලබාදී ඇත. මෙම ව්‍යාපෘතීන් මේවන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

මෙහිදී අමාත්‍යතුමන් පැවසුවේ අමාත්‍යාංශය හරහා විදේශ අධාර මත විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කිරිමට හැකියාව ලැබුණු බවයි. එමෙන්ම වසර 10ක් ඉක්මව ගියත් ගිනි නිවන උපකරණ මෙතෙක් මෙරටට නොලැබී ඇති නමුත් පළාත් පාලන අමාත්‍යංශය ඔස්ට්‍රියන් රජයේ ආධාර මත නවීන ගිනි නිවන උපකරණ ගෙන්වීමට කටයුතු කරන අතර කවෂීමා යන්ත්‍ර හැම පළාතකම එකක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යතුමා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළා.

“අපේ අඛණ්ඩ භෞතික සහ මූල්‍ය ප්‍රගතිය මේ අවුරුදු තුනට සියයට 90 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒවගේම අපේ අමාත්‍යංශයේ විදේශ ආධාර ඇතිව කරන ව්‍යාපෘති රාශියක් තියෙනවා. මේ අවුරුද්දට අපිට තියෙනවා ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය හංගේරි, නෙදර්ලන්ඩ්, බෙල්ජියම්, ඔස්ට්‍රියා රටවල්වල වැඩසටහනක් තියෙනවා ග්‍රාමීය පාලම් වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා. ඒවගේම ජයිකා, වර්ල්ඩ් බෑන්ක් සහ ඒඩීබී ආධාර ඇතිව ටවුන් ෂිප්ස්.... ඒ කියන්නේ තිබෙන නගර ප්‍රධාන නගර කිරීම සම්බන්ධයෙන් මූල්‍ය ආධාර දෙනවා 25කට. ඒවගේම වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල පවතින ජල ප්‍රශ්නය විසදීමට අපිට විදේශ ආධාර ලැබෙනවා ඒ කර්තව්‍ය කිරීමට. ඒවගේම උතුරු නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශවල ජලය සහ ග්‍රාමීය පාරවල් දියුණු කිරීම සම්බන්ධයෙන් අපට විදේශ ආධාර ලැබෙනවා ඒ කර්තව්‍ය කිරීමට. ඒවගේම උතුරු නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශවල ජලය සහ ග්‍රාමීය පාරවල් දියුණු කිරීම සම්බන්ධයෙන් අපට විදේශ ආධාර ලැබෙනවා. ඊට අමතරව ගිනි නිවන යන්ත්‍ර උපකරණ අවුරුදු 10කට ලංකාවට ලැබිලා නෑ. ඒනිසා අපිට ඔස්ට්‍රියන් රජයේ ආධාර ඇතිව අපි ඒ ප්‍රශ්නයත් විසදීම සම්බන්ධයෙන් ආධාර ලැබෙනවා.....

DSC 0161...ඒවගේම අපි දන්නවා අක්කර දාසය දාහක් ඉරණමඩුව ජලාශයේ වික්ටෝරියා හා සමානයි මේ උතුරු ප්‍රදේශයට ලැබෙන දායකත්වය බලනකොට. ඒනිසා අපේ අමාත්‍යංශයේ සමස්තයක් ලෙස ගත්තහම සෑම පළාතකටම අපි උදව් කරලා තියෙනවා. කිසිම පළාතකට අපි කුඩම්මා සැලකිලි දීලා නෑ. ඒවගේම අපි දන්නවා මෙට්‍රික් ටොන් 50ක් කවෂීමා යන්ත්‍ර අපි හැම පලාතේම අඩු ගානේ එකක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒනිසා අපේ අමාත්‍යංශයේ වැයශිර්ෂ දිහා බලනකොට දේශිය මුදල් ලැබීම්වල යම් අඩුවක් දැක්කත් අපේ අමාත්‍යංශය හුගාක් විදේශ ව්‍යාපෘති තමයි මේ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන්නේ. අපි අඩුගානේ දුෂ්කර පළාත් පාලන 25ක් තෝරාගෙන ඒ පළාත් පාලන ආයතන 5 තාක්ෂණය සහ මානව සම්පත් සහ අනෙකුත් සියලුම පහසුකම් ලබාදී ඒ පළාත් පාලන ආයතන ආදර්ශ පළාත් පාලන 25ක් කිරීමට අපි බලාපොරොත්තුවෙනවා....

.....අපි දැකලා තියෙනවා අමාත්‍යංශ කෑලි කෑලි දෙනවා හැම පළාත් පාලන ආයතනවලට. ඒ කියන්නේ ඇඟට දැනෙන දෙයක් කෙරෙන්නෑ. අපේ බලාපොරොත්තුව සෑම පළාත් පාලන ආයතනයකටම උදව් කරනවා වගේම ලෝකයේ අනිත් රටවල් දිහා බලනකොට මානව සම්පත් කළමනාකරණය හුගාක් දියුණුයි. හැබැයි ලංකාවේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණය හුගාක් අඩුයි. හැබැයි අපේ ඉලක්කය අපේ මේ විදේශ ණය දෙන ආයතන එක්ක අපි සාකච්ඡා කරන විට අපි දැන් කියන්නේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් වැඩි මුදලක් දෙන්න කියලා...”

මේ අතර මාධ්‍ය හමුවට සහභාගි වූ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනතේ දෝෂයක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කළා.

“පනතේ තියෙනවා අපේක්ෂකයන් තුනකට අඩු කියන එකේ Less than three කියලා ඉංග්ලිෂ්වල තියෙනවා. ටැමිල් එකෙත් තියෙනවා. සිංහල එකෙත් අර Less than three කියන එක තුනකට අඩු කියන අකුරු ටික නෑ. සීමා නිර්ණයේ නෙමෙයි. මේ මැතිවරණ ඡන්ද විමසිම් පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනතේ. ඒක නිවැරදි කිරීමේ සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට විවාද කරනවා...”.

DSC 0151DSC 0183DSC 0180