news5“කොළඹ නගරය කියන්නේ ලෝකයේ වෙළද නගර අතර ප්‍රධාන ස්ථානයක්. ඒක අපට උරුම වුනේ ඉතා ඈත අතීතයක ඉදලා. ඒ අභිමානවත් වෙළද නගරය වැසි දිනකට අපායක් බවට පත් වෙනවා. ඒකට හේතුව වැසි ජලය ඉවත්කිරීමට සකස් කර ඇති නල පද්ධතිය, කාණු සහ ඇල මාර්ග කුණුවලින් පිරිලා. නිසි ආකාරයෙන් කසල බැහැර කිරීමක් සිදු නොකොට ජලමාර්ග වෙත කසල බැහැර කිරීම හරහා දුක් විදින්න සිදුවෙන්නේ බිම් මට්ටමේ ජනතාවට පසුගිය කාලපරිච්ඡේදය පුරා කොළඹ නගරයේ ජනතාව වැසි දවස්වල පුදුම විදිහට පිඩාවට පත්වුනා. ටික දෙනෙක් කරන වැඩ නිසා විශාල සංඛාවක් අසරණ වෙනවා. ඒ වගේම මෙවැනි දේ නිසා යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා මම මේ කොළඹ නගරයේ වෙසෙන සියළු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නේ නිවසේ එකතු වෙන කසල විධිමත්ව බැහැර කරන්න කියලා. එහෙම නොකොලොත් පීඩාවට පත්වෙන්නේ ඔබතුමන්ලමයි”.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන් මේ අදහස් පලකරනු ලැබූයේ කොළඹ නගරයේ බිම් මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබදව නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මැද කොළඹ හා ඒ අවට ජනතාවගේ මූලික අවශ්‍යතා යටිතල පහසුකම් සංවර්ධනය සදහා පළාත් පාලන ආයතන හරහා සිදු කරන සංවර්ධන කටයුතු මෙහි දී අමාත්‍යවරයා විසින් අධීක්ෂණය කරන්නට යෙදුනා. විශේෂයෙන් සනීපාරක්ෂක සේවා පහසුකම් පානීය ජලපහසුකම් හා විදුලි සැපයුම පිළිබදව මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරුණා. එමෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල පිළිබදව මෙම නිරීක්ෂණ චාරිකාවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණා.

මෙම අවස්ථාව සදහා කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මොහොමඩ් මන්සීල් මහතා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික කෝරළගේ මැතිතුමන් ඇතුළු කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන දේශපාලඥයන් රැසක් සහභාගී වී සිටියහ.