පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමිය පාලම් ව්‍යාපෘතිය මඟින් ඉදිකරනු ලබන දුම්බර දොම්සියාවත්ත කම්මල ඇල හරහා ඉදිකරනු ලබන පාලමෙහි වැඩ ආරම්භ කිරීම 2023.03.05 දින ආරම්භ කෙරිනි.

නෙදර්ලන්ත ණය අධාර යටතේ රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකරනු ලබන මිටර් 14 කින් යුත් මෙම පාලමෙහි වැඩ කටයුතු මාස 03කින් නිම කිරීමට නියමිත අතර මෙම පාලම ඉදිකිරීම මඟින් හල්වතුර බුලත්සිංහල හා ඉංගිරිය යාකෙරේ. මෙහි ප්‍රතිලාභී පවුල් සංඛාව 80කි.

මේ අවස්ථාවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, අයගම ප්‍රදේශීය සභාවේ සභාපති තුමන් ඇතුළු මන්ත්‍රී වරුන් හා ප්‍රදේශ වාසීන් සහභාගීවිය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG