රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා සහ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු. රෝහණ දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් 27 වැනි දින පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ මාර්ගගත සාකච්ඡාවක් පැවැත්වීය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී වීරසේකර මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගි වූහ.