පසුගිය වසරේ කසල කළමණාකරන ව්‍යාපෘති 127ක් වෙනුවෙන් රුපියල් මිලියන 1435 ක මුදලක් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැය කර තිබේ.

කසළ කළමණාකරණ මධ්‍යස්ථාන සඳහා 2021 වසරේ දී රුපියල් මිලියන 700ක් වෙන්කළ අතර එ මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති ගණන 38කි.

මීට අමතරව දේශිය ගොවිතැන සඳහා කාබනික පොහොර නිශ්පාදනය සිදු කිරිම උදෙසා යාන්ත්‍රික කොම්පොස්ට් අංගන වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත.ඒ යටතේ ගුණාත්මක කොම්පොස්ට් පොහොර ගොවිජනතාව අතර ප්‍රචලිත කිරිම සඳහා කොම්පොස්ට් කැට පොහොර නිපදවීම දක්වා පළාත් පාලන ආයතනයන් යොමු කිරිමට රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ යටතේ ව්‍යාපෘති 89 ක් සඳහා රුපියල් මිලියන 735ක් වැය කර තිබේ.

සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබා දීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ ජාතික සහ අපද්‍රව්‍ය කළමනාකරණ සහයක මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

 

new sec

 

new sec 11  
         
new sec 10   new sec 12   new sec 13