බලපිටිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම
පුරනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 62.5 ක වියදමින් ඉදිකරන ලද බලපිටිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම 2019. 03. 02 දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
![Balapitiya 22.03.2019 15](images/gallery/Balapitiya_22.03.2019_15.jpg)
බෙන්තොට හබුරුගල ප්‍රාදේශීය සභා උප කාර්යාලයට මුල් ගල් තැබීම
පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උප ව්‍යාපෘතියක් ලෙස රුපියල් මිලියන 45.3 ක වියදමින් ආයුර්වේද, පුස්තකාලය සහ සම්මන්ත්රණ ශාලාවකින් යුත් බෙන්තොට හබුරුගල ප්‍රාදේශීය සභා උප කාර්යාලයට මුල් ගල් තැබීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.03.02 දින සිදු කරන ලදී.