මහනුවර නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගර සභාව මගින් කටුකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් නවයකින් යුත් රථගාල සහිත වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සදහා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය හා සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 1000ක සහන ණය මුදලක් ලබා දීමට නියමිතය.

ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණී විජේවික්‍රම මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

දේශීය ණය හා සංවර්ධන අරමුදලේ සභාපති අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහනුවර නගරාධිපති කේසර ඩී සේනානායක යන මහත්වරු මෙම ගිවිසුම අත්සන් කළහ.

150,000 පමණ නාගරික ජනගහනයක්  හා දිනකට ලක්ෂ 06ක් පමණ දෙස් විදෙස් සංචාරකයින්  පැමිණෙන මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා  මහනුවර කටුකැලේ ප්‍රදේශයේ  මෙම රථගාල සහිත වෙළද සංකීර්ණය ඉදි කෙරේ.

වසර 100ක් පැරණි මූල්‍ය ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලින්  ලබා දෙන විශාලතම ණය මුදල වන මෙම ණය මුදල වසර 05ක සහන ණය වාරික මගින් ගෙවීමට නියමිත අතර මෙම වෙළද සංකීර්ණයයේ වැඩ කටයුතු වසර දෙකකින් නිම කිරීමට නියමිතය.

08.06.2018 08.06.18