ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන  කල ලිඛිත වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය  විදේශ අමාත්‍ය, තිලක් මාරපන මහතා විසින්  මානව හිමිකම්  කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගරු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා දැක් වූ අදහස පහතින් දක්වා ඇත.

“ඊයේ දින  මානව හිමිකම් කොමිසමේ 37 වන සැසි වාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම කරුණු ඉදිරිපත් කළා. එහිදී විශේෂයෙන්, ශ්‍රී ලංකාව රජයක් හැටියට 2015 න් පසුව ගත් ප්‍රගතිශීලී ඉදිරි ගමන හා සහජීවනය ඇති කිරීමට අවශ්‍ය කරන නෛතික රාමුව සදහා නීති සම්පාදනය කර ඇති බවත්  ඒ සඳහා යම් කාල පරිච්ඡේදයක් අවශ්‍ය බවත් කියා සිටියා. ශ්‍රී ලංකා රජය ගන්නා ඕනෑම ක්‍රියාදාමයක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කරන බව සදහන් කලා. ඒ නිසා ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන්  නඩු විභාග කිරීමේ දී විදේශ විනිශ්චයකරුවන් සහභාගී වන බවට නොයෙක් උදවිය  ගෙන ගිය දුර්මත බැහැර කිරීමට හැකි වනවා.

තව දුරටත් ප්‍රකාශ කරනවා නම් 30/1 දරණ යෝජනා සම්මතයේ  ශ්‍රී ලංකාව විදේශ විනිශ්චය කරුවන් ලවා නඩු විභාග කිරීමට එකග වූ බවට සදහන් වුවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ කටයුතු කළ  නොහැකි බව පැහැදිළිවනවා.

ළඟදී මහනුවර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බවට, හා  නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිසිය අතින් සිදු වූ අතපසුවීම් සම්බන්ධයෙන් නිසි විභාග කිරීම් සිදු කරන බවටත් විදේශ ඇමතිතුමාගේ ප්‍රකාශයේ අඩංගු වූ බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.”

29468745 1561892353924602 8406772946414779807 n