දැක්ම

මෙම අමාත්‍යංශයේ සියලුම ක්‍රියාකාරකම් සඳහා උපාය මාර්ග සැලසුම්කරුවා වීම සහ සියලුම අංශ සහ සම්බන්ධ වී සිටින අනෙකුත් පිරිස් සඳහා තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ප්‍රවේශයක් ලබා දෙන අතර සේවාව ඉලක්ක කරගත් ප්‍රවේශයක් මගින් ව්‍යාපෘති කටයුතු සැලසුම් කිරීම, අධීක්ෂණය, සම්බන්ධීකරණය හා ඇගයීම මගින් විදේශ ආධාර ලබන ව්‍යාපෘති සඳහා තානාපති කාර්යභාරය ඉටු කිරීම.

ප්‍රමුඛ අරමුණ

  • වගකිවයුතු හා ප්‍රතිචාරාත්මක ආකාරයට සේවා සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් ලබා දීම සඳහා පළාත් පාලන ආයතන වලට සහය වීම. 
  • ග්‍රාමීය ජනතාවගේ සචලතාවය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම.
  • පළාත් හා ග්‍රාමීය මාර්ග හා පාලම් වැඩිදියුණු කිරීම මගින් පළාත් තුළ සබඳතා තර කිරීම..
  • පළාත් සභා ආයතන දැනට පවත්නා පසුගාමී තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන අතර මහජනතාව සඳහා වඩා හොඳ යටිතල පහසුකම් සහ සේවා සමග විශේෂයෙන් ම වකුගඩු රෝග ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ට පානීය ජලය සැපයීම.
  • ඉහළ නංවාගත් සමුද්‍ර හා ගොඩබිම් ජලයේ තත්ත්වය හා එහි ප්‍රතිඵලයක් වන සෞඛ්‍ය හා සනීපාරක්ෂක තත්ත්වය ඉහළ යෑම මගින් නාගරික හා තදාසන්න ප්‍රදේශවල පරිසරය හා මහජන සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම.
  • වාරි යටිතල පහසුකම් වල ඵලදායී හා ධරණීය කළමණාකරණය ප්‍රවර්ධන කිරීම ජල හා ඉඩම් භාවිතයේ නිෂ්පාදන ඵලදායීතාවය ළඟා කර ගැනීම.
  • රටේ දැනුම පදනම් කරගත් ආර්ථික හා සමාජයීය දියුණුවක් ළඟාකර ගැනීම සඳහා පදනම ලෙස තත්ත්වයෙන් උසස් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයක් ලබා දීමට මාර්ග පුළුල් කිරීම..
  • මහජන සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතිය ඉහළ නැංවීම හා මන්ද පෝෂණය හා බෝ නොවන රෝග පිළිබඳ ඇති අභියෝග සඳහා වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීම.

ප්‍රමුඛ ක්‍රියාකාරකම්

ව්‍යාපෘති හා කළමනාකරණ ඒකකය
  • විදේශාධාර ව්‍යාපෘතිවලට අදාල කාර්යයන් රේඛීය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යාපෘති කළමණාකරණ ඒකක හා වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණ කිරිම තුලින් ව්‍යාපෘතිවල අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කිරීම.
  • ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය පසු විපරම් කිරිම.
  • ජාතික ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීම් පැවැත්වීම.
  • ව්‍යාපෘති වලට අදාල කැබිනට් පත්‍රිකා සකස් කිරීම.
  • ව්‍යාපෘති කාර්යය මණ්ඩල බඳවා ගැනීම ඇතුළු පරිපාලන කටයුතු සිදු කිරීම.
  • අමාත්‍යංශයේ අනෙකුත් අංශ අතර නිසි සම්බන්ධීකරණය පවත්වාගෙන යාම.

අංශ ප්‍රධාන

AD Photo දිස්නා ධර්මසේකර මිය
අතිරේක ලේකම් (ව්‍යාපෘති අධීක්ෂණ)
Tel : +94 112 335 067
Fax : +94 112 302 183
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

23.MDR Prasad ජී.එන්.කේ.විජේතුංග මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(ව්‍යාපෘති අධීක්ෂණ)
Tel :  
Fax :  
23.MDR Prasad කේ. ප්‍රදීපා මහත්මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන)
Tel : +94 112 302 743
Fax : +94 112 335 063