මෙහෙවර

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර සාක් ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබාදීම, දේශීය සහ විදේශීය අරමුදල් ඵලදායීව යොදාගනිමින් මහජන මුදල් පිළිබඳව විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම.

සපුරා ගත් ඉලක්ක

  • විසර්ජන පනත මගින් වෙන්කරනු ලැබූ මුදල් හා විදේශ ව්‍යාපෘති යටතේ වෙන්කරන ලද මුදල් එම වෙන්කරන ලද කාර්යයන් සඳහාම යොදවා ගනිමින් ද එසේ වෙන්කරන ලද මුදලේ අතිරික්තයක් වේ නම් වෙනත් අවශ්‍ය කාර්යයක් සඳහා මාරුකිරිම තුලින් සියළුම මුදල් අරපිරිමැස්මෙන් වියදම් කර ඒ පිළිබඳ විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතු අවසාන ගිණුම (විසර්ජන ගිණුම) නියමිත දිනට ඉදිරිපත් කර තිබීම.
  • අමාත්‍යාංශයේ අරමුණු හා ඉලක්ක සපුරාගැනීම පිණිස අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රමාදයකින් තොරව ලබාදීම හා අමාත්‍යාංශයේ නියමිත වත්කම් නිසිපරිදි කළමනාකරණය කර තිබීම.
  • දේශීය සහ විදේශීය ව්‍යාපෘතිවල ගිණුම් වාර්තා, මාසිකව, කාර්තුමය සහ වාර්ෂික වශයෙන් භාණ්ඩාගාරයට නිසි වේලාවට ඉදිරිපත් කර කලට වේලාවට අරමුදල් ලබාගෙන තිබීම .
  • අත්තිකාරම් බී ගිණුම යටතේ වෙන්වෙන ප්‍රතිපාදන මගින් රජයේ නිලධාරීන්ට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ණය මුදල් ලබාදීම ට කටයුතු කර තිබීම.
  • අමාත්‍යාංශයට අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ මිලදී ගැනීමේදී මෙන්ම  පළාත් පාලන බල ප්‍රදේශවල සංවර්ධන හා යටිතල පහසුකම් සැපයීමේ කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදි ගැනීමේදී ඒ සදහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් හා කාර්‍යක්ෂමව ඉටු කර තිබීම.
  • විගණකාධිපතිගේ විගණන විමසුම්වලට සහ අභ්‍යන්තරික වශයෙන් පැන නැගුණ විගණන විමසුම්වලට අප්‍රමාදව ප්‍රතිචාර දැක්වීම හා අනාවරණය කෙරෙන අඩුපාඩු නිවැරදි කරගැනීමට අප්‍රමාදව කටයුතු කර තිබීම සහ රාජ්‍ය ගිණුම්කාරක සභා අවස්ථාවට අවශ්‍ය අවස්ථාවන්හි දි පෙනී සිටීම.
  • පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන කටයුතු සහ සේවාවන්  සදහා අප්‍රමාදව මුදල් නිදහස් කර තිබීම.

අංශ ප්‍රධාන

ඩබ්ලිව්.පී.විතාරණ මහතා
ප්‍රධාන මූල්‍ය නිලධාරී
දුරකතන : +94 112 345 973
ෆැක්ස් : +94 112 347 532
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කේ.පී.එස්. රන්ජන් මහතා
ප්‍රධාන ගණකාධිකාරී
දුරකතන : +94 112 314 985
ෆැක්ස් : +94 112 337 131
විද්‍යුත් තැපෑල :   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

එච්.එම්.එන්. තෙන්නකෝන් මහතා
ගණකාධිකාරී (සැපයුම්)
දුරකතන : +94 112 452 432
ෆැක්ස් : +94 112 314 985
යූ.එල්.එල්. කුමාරි මෙය
ගණකාධිකාරී (ගිණුම් සහ ගෙවීම්)
දුරකතන : +94 112 347 531
ෆැක්ස් : +94 112 347 532