දැක්ම
අමාත්‍යංශයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා සැලසුම් කිරීම, ඊට අදාළ මාර්ගෝපදේශයන් ක්‍රමෝපායන් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන්නා වූ ප්‍රතිපත්ති/ උපායමාර්ග/ සැලසුම්/ වැඩසටහන්/ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම හා ඇගයීම හා ඊට අදාළ අනෙකුත් කාර්යයන් ඉටු කිරීම.
ප්‍රධාන කාර්යභාරය
- අමාත්‍යංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා උපායමාර්ගික සැලැස්ම සකස් කර අදාළ ආයතනවලට ඉදිරිපත් කිරීම.
- රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුව අනාගතයට අදාළ ව්‍යාපෘති යෝජනා හදුනා ගැනීම හා වාර්තා සකස් කර ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම.
- ධරණීය සංවර්ධන අභිමතාර්ථ හා සම්බන්ධ සියළුම කාර්යයන් ඉටු කිරීම.
- අමාත්‍යංශයේ ප්‍රගති වාර්තා මාසිකව, කාර්තුමය හා වාර්ෂික ලෙස සකස් කර අදාළ ආයතනවලට ඉදිරිපත් කිරීම.
- අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
- වාර්ෂික කාර්යසාධන වාර්තාව හා පාර්ලිමේන්තු අයවැය කාර්ක සභා අවස්ථාව සඳහා කාර්යසාධනය හා ඉදිරි සැලසුම් ඇතුළත් වාර්තාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
- වැඩමුළු සංවිධානය කිරීම හා පැවැත්වීම.