පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විෂයපථය තුල ප්‍රධානතම අංශයක් ලෙසට නීති අංශය හදුන්වා දිය හැක. පළාත් පාලනයට අදාල නීති වර්ථමානයට උචිත පරිදි කාලීන අවශ්‍යතාමත සකස් කරලීමේහිලා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අමාත්‍යාංශයේ නීති අංශයයි. මෙම වර්ෂයේ නීති අංශයේ කාර්යය සාධන‍ය පහත පරිදි සංක්ෂිප්ත කොට දැක්විය හැක.

  • එහිදී ප්‍රධාන ලෙසින් මහා නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත කාලෝචිත පරිදි සංශෝධනය කිරීම සඳහා යෝජනා කැඳවීම, ඒ සඳහා සුදුසු හා අවශ්‍ය සාමාජිකයන්ගෙ න් යුතු කමිටු පත් කොට වාර්තා සකස් කිරීම පසුගිය වසරේ දී මෙම අංශය මඟින් සිදු කර ඇත.
  • එසේම පළාත් පාලන ආයතන සහ පළාත් සභාවල කාන්තා නියෝජනය බල නැංවීමේ ක්‍රියාදාමයේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමත් එය සහතික කරලීම උදෙසාත් නීති අංශය දැනට මූලිකව කටයුතු කරනු ලබයි. එහි ආරම්භක පියවර ලෙසින් පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය වැඩිකිරීම උදෙසා අදාල නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කර ලීම දක්වා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉ‍ටු කිරීමත්, පළාත් සභා තුල කාන්තා නියෝජනය සහතික කිරීම උදෙසා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමඟ ඒකාබද්ධව දේශපාලනය තුල කාන්තාව බල ගැන්වීම යන මැයෙන් වැඩ මුලූ‍ සංවිධානය කිරීමත් එහි මූලාරම්භක වැඩමුලූ‍ව වයඹ පළාතෙන් ආරම්භ කිරීමත් 2016 වර්ෂයේදී මෙම අංශයේ දායකත්වය ලබා දෙන ප්‍රධාන කාර්යයන් ලෙස දැක්විය හැක.
  • මහජන සෞඛ්‍යට හා පරිසරයට අදාල නීති සකස් කිරීමට අදාලව විශේෂ කාර්යයක් වූයේ අයාලේ යන සුනඛයන්ගෙන් පොදු ජනතාව වෙත සිදුවන අවහිර බාධක හා පීඩා මැඩ පැවැත්වීම පි‚ස නීති සකස් කිරීමේ ක්‍රියාවලි‍යේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමයි. ඒ සඳහා මුලික ව ක්‍රමවේදයක් සකස් කිරීමත් එකී ක්‍රමවේදය නියාමනය කිරීම පි‚ස කමිටුවක් පත් කිරීමත් නීති අංශය මඟින් මෙම වර්ෂ‍යේ දී සිදු කරන ලදී.
  • තවද ගුණාත්මක ප්‍රා‍දේශීය පාලනයක් ඇති කිරීම උදෙසා අවශ්‍ය මගපෙන්වීම මෙම අමත්‍යංශයේ ප්‍රධාන කාර්යයකි. මේ ය‍ටතේ 2016 වර්ෂයේ දී පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම නීති අංශය විසින් සිදුකරන ලදී. මේ වන විට එම කෙටුම්පත් ආචාර ධර්ම පද්ධතිය දෙමළ හා ඉංග්‍රිසි භාෂා වෙත පරිවර්තන කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර එය අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරීමේ අනතුරව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම‍ට ඒ ඒ පළාත් සභාව වෙත යොමු කිරීමට නියමිතය.
  • එසේම වතු කම්කරුවන්ගේ සුභ සාධනය සැලැස්වීම පි‚ස ප්‍රාදේශීය සභා පනතේ විශේෂ සංශෝධනයක් කිරීමට ද අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම නීති අංශයෙන් මේ වන විට සිදු කරනු ලැබේ. ඊට අදාලව සිදු කරන ලද සංශෝධන සහිත කෙටුම්පත නීතිපතිගේ සහතිකය ලබා ගැනීම සඳහා නීතිපති දෙපරේතමේන්තුව වෙත මේ වන විට යොමු කර ඇත.
  • පළාත් පාලන ආයතන වෙත ලැබිය යුතු උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු විධිමත්ව සහ කඩිනමින් ඒ එක් එක් පළාත් පාලන ආයතන වෙත හිමි නොවීම කාලයක සිට පළාත් පාලන ආයතන මුහුන දී ඇති විශාල ගැටලූ‍වකි. ඒ අනුව එම උසාවි දඩ මුදල් සහ මුද්දර ගාස්තු කඩිනමින් පළාත් පාලන ආයතන වෙත ලැබීමට සැලැස්වීමට කටයුතු සම්පාදනය කිරීම පි‚ස අවශ්‍ය නීති සකස් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීම ද 2016 වර්ෂයේ දී මෙම අංශයෙන් සිදු කරන ලද විශේෂ කාර්යයක් ලෙසින් දැක්විය හැක.
  • පළාත් පාලන ආයතන සංස්ථාපනය සඳහා සුදුසු නිර්ණායක හදුනාගැනීමත් ඉදිරියේදී පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම, උසස් කිරීම සම්බන්ධව වඩාත් පාරදෘෂ්‍ය හා විධිමත් ක්‍රමවේදයක් හදුන්වා දීමට අවශ්‍ය පියවර හා විධිවිධාන යෙදීමත් සම්බන්ධයෙන් සක්‍රීය දායකත්වයක් ලබා දීමත් මෙම 2016 වසරේ දී නීති අංශයෙන් සිදු කල තවත් ප්‍රධාන කාර්යයක් විය.
  • නව පළාත් පාලන ආයතන සංස්ථාපනය සම්බන්ධව පිළිගත් ක්‍රමවේදයක් හෝ ප්‍රත්පත්තියක් නොමැති වීම නිසා නගර සභා මහා නගර සභා ඇති කිරීම විධිමත්ව සිදු නොවන බව මෙම අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇත.එබැවින් නව පළාත් පාලන ආයතන සංස්ථාපනය සහ පවත්නා පළාත් පාලන ආයතන උසස් කිරීම සඳහා ජාතික නිර්ණායක තීරණය කිරීම පි‚ස ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් 2016. 05.25 දින විද්වත් කමිටුවක් පත් කරන ලදී.

කමිටුවේ විෂය පථය

  • පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ ජනගහනය, ජනගහන ඝණත්වය, ආර්ථීක සංවර්ධන මට්ටම,ආදායම් උත්පාදනය, භූ විෂමතා පවත්නා පරිපාලන සීමා පවත්නා කොට්ඨාස සීමා යන අනෙකුත් අදාල තොරතුරු සැළකිල්ලට ගෙන නිර්ණායක පද්ධතියක් සකස් කිරීම.
  • නව පළාත් පාලන ආයතන බිහිකිරීම සහ පවත්නා පළාත් පාලන ආයතන උසස් කිරීම සම්බන්ධව මහජනතාව, මහජන නියෝජිතයින් සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුලූ‍ සිවිල් සංවිධාන වල අදහස් ලබා ගැනීම.

එම කමිටුව වරින් වර රැස්වී අදාල නිර්ණායක පිළිබඳ සාකච්ජා කර සලකා බැලිය යුතු කරුණු පිළිබඳව මහජන අදහස් විමසීම සඳහා පළ කරන ලද පුවත්පත් දැන්වීමට අනුව ලද අදහස් ද 1999 පළාත් පාලනය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත කරුණු ද පිළිබඳව දීර්ඝ වශයෙන් කමිටුවේ අවධානය යොමු කර එහිදී පහත සඳහන් මූලික නිර්ණායක පදනම් කර ගැනීමට තීරණය කරනු ලැබ ඇත.

  • ජනගහණය හා ජනගහන ඝනත්වය (ව.කි. 1ට හෝ ඊට අඩු භූමි ප්‍රදේශයකට)
  • නිවාස ප්‍රමාණය හා ඝණත්වය
  • සේවා හා යටිතල පහසුකම් වල දියුණුව (ජලය, මාර්ග, විදුලිය, දුරකථන, පාසල්, රෝහල් වෙනත් රාජ්‍ය සේවාවන්)
  • පවතින වාණිජ ගොඩනැගිලි සංඛ්‍යාව
  • කෘෂිකාර්මික නොවන ආර්ථීක කටයුතුවල යෙදී සිටින ජනගහන ප්‍රතිශතය
  • ප්‍රදේශය ආර්ථීක ව්‍යුහය හා සම්පත් විභජනය
  • ප්‍රදේශීය වැදගත්කම (ඓතිහාසික / ආර්ථීක හෝ වෙනත්)
  • ප්‍රදේශයේ ආදායම් විභජනය

එකී නිර්ණායක මැන බැලීම සඳහා ලකුණු ක්‍රමයක් සහ බර තැබීමේ ක්‍රමවේදයක් ද පිළියෙල කළ අතර මේ සඳහා අවශ්‍ය තොරතුරු ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යා ලේඛන මත පදනම් කර ගනු ලැබේ.2016/12/31දින වන විට මෙම නිර්ණායක පද්ධතිය සකස් කර අවසන් කර ඇති අතර එකී නිර්නායක මත ඉදිරියේදී පළාත් පාලන ආයතන සංස්ථාපනය සිදු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇත.

පළාත් සභා ප්‍රඥප්ති

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ කෙටුම්පත් වාර්තාව - 2022

අංක 2262/08 හා 10/01/2022 දිනැති පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධූර කාලය දිර්ඝ කිරීමේ ගැසට් නිවේදනය

පළාත් පාලන ආයතන වල අයවැය ලේඛනය සම්මත කර ගැනීමට අදාලව රීති/නියෝග කෙටුම්පත්

ව්‍යවස්ථා සම්පාදනය සඳහා යෝජිත සංශෝධන

මහ නගර සභා ආඥාපනත (252 පරිච්ඡේදය)

නගර සභා ආඥා පනත(255 වන පරිච්ඡේදය)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

ආදර්ශ අතුරු ව්‍යවස්ථා සඳහා ඉදිරිපත් කළ සංශෝධන

නගර සභා ආදර්ශ අතුරු ව්‍යවස්ථා

ප්‍රාදේශීය සභා ආදර්ශ අතුරු ව්‍යවස්ථා

පළාත් පාලන ආයතන වල ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා යෝජනා කැඳවීම

පුවත්පත් දැන්වීම්

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නිර්ණායක හඳුනාගැනීම සඳහා යෝජනා කැඳවීම

පුවත්පත් දැන්වීම්

The Committee for Reviewing Governing Legislation of Local Government for Legal Reforms has finalized the public hearing. They expect to submit the final report by 31st August 2016.
Related Photos

A Cabinet Sub Committee has been appointed to examine the Local Authorities Elections Amendment Bill. The first meeting of the committee held on 01/08/2016. The committee decided to appoint a working group to consider the issues raised by political parties and general public related to the new electoral system.
Related Photos

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අතුරු ව්‍යවස්ථා

මහ නගර සභාව

නගර සභාව

ප්‍රාදේශීය සභා

පොළොන්නරුව මහ නගර සභාව සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ ගැසට් නිවේදනය

සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත

2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත

Orders under PRADESHIYA SABHAS ACT, No. 15 OF 1987, CHAPTER 255 of URBAN COUNCILS ORDINANCE and CHAPTER 252 of MUNICIPAL COUNCILS ORDINANCE - Extraordinary Gazette No. 2043/56 - (THURSDAY, NOVEMBER 02, 2017)

(No. of members for each LA)

Orders under PRADESHIYA SABHAS ACT, No. 15 OF 1987 - Extraordinary Gazette No. 2043/57 - (THURSDAY, NOVEMBER 02, 2017) –

(නුවරඑළිය සහ අඹගමුව යන නගර සඳහා නව පළාත් පාලන ආයතන)

Order to amend the date of commencement the office terms of Municipal Councils, Urban Councils and Pradeshiya Sabhas – Extraordinary Gazette No. 2061/4 – (MONDAY, MARCH 05, 2018)

පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය

මහජන සේවය සඳහා කැපවූ මහජන නියෝජිතයෙකුගෙන් අපේක්ෂිත මෙහෙවර ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත ලගා කර දීමේ අරමුණින් මෙම අමාත්‍යාංශය විසින් පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවෙන් පළාත් සභාවන්ගේද එකගතාවය අනුව සකස් කරන ලද ආචාර ධර්ම පද්ධතියට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා වයඹ පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටක එකගතාවය හිමිවී ඇති අතර, ඒ අනුව එම පළාත් සභාවල ඉදිරියේදී එකී ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක වනු ඇත. මෙරට පාලන තන්ත්‍රයේ දෙවන ස්ථරය ලෙස සැලකෙන පළාත් සභා වල මන්ත්‍රීවරයෙකුගෙන් සිදුවිය යුතු මහජන සේවය යථා පරිදි ඉටු කිරීම සඳහා ඔවුන්ට මග පෙන්වනු ලබන මූලික ආචාර ධර්ම සමූහයකින් මෙම ආචාර ධර්ම පද්ධතිය පෝෂණය වී ඇත.

පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය 2015

 

උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ලැබීම විධිමත් කිරීම හා කඩිනම් කිරීම

පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම් සඳහා ලියා සහතික කරන ඔප්පු මත අයවන මුද්දර ගාස්තු වලින් එකී පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු ආදායම් එම ආයතනවල අරමුදල් වෙත ගෙවනු ලැබිය යුතු බවට විධිවිධාන මහා නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතෙහි අන්තර්ගත කර ඇත.

කෙසේ වෙතත් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම වව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ප්‍රකාර පළාත් පාලන ආයතන වෙත ව්‍යවස්ථාපිතව හිමි වී ඇති ආදායම් වන උසාවි දඩ මුදල් ,ඉඩම් වැනි දේපළ පැවරීම සම්බන්ධයෙන් මුද්දර ගාස්තු පළාත් සභා වෙත පැවරුණු විෂයක් ලෙස දක්වා ඇත.

මෙකී උසාවි දඩ මුදල් සහ දේපල පැවරීම සම්බන්ධයෙන් වන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය වන අතර ඉහත කරුණ හේතුවෙන් එකී ආයතන මුහුණ දෙන දුෂ්කරතාවයන් ඉවත් කරලීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කරන ලද පළාත් සභා (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ ව්‍යවස්ථාව ප්‍රකාරව, අතිගරු ජනාධිපතිතුමා විසින් පළාත් සභාවල අදහස් ලබාගැනීම සඳහා යොමු කිරීමට මේ වන වට ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කර ඇත. එකී පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් පහත දක්වා ඇත.

 උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ලැබීම විධිමත් කිරීම හා කඩිනම් කිරීමේ අවශ්‍යතාවය

විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2 වන අදියර (2018 -2020) , ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව

 පළමුවන වැඩමුළුව

දිනය   -  08 අප්‍රේල් 2019
ස්ථානය  - ඉෂාරා උත්සව ශාලාව- හෝමාගම
capture   capture1   capture2   capture3

දෙවන වැඩමුළුව

දිනය  - 07 ජූනි 2019
ස්ථානය - වින්රෝ උත්සව ශාලාව- මිල්ලනිය
2   3   4

 තෙවන වැඩමුළුව

දිනය  -  9 ජූලි 2019
ස්ථානය  -  මදුරාවල ප්‍රාදේ්ශීය සභාව - මදුරාවල
20190709 095249   20190709 100447   20190709 100457
         
20190709 102313   20190709 123049   20190709 130909

 සිව්වන වැඩමුළුව

දිනය  -  30 ජූලි 2019
ස්ථානය  -  ගම්පහ ප්‍රාදේ්ශීය සභාව - ගම්පහ
ws41   ws42   ws43   ws44