internal audit

ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීන් වෙත පැවරෙන රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව, අරපිරිමැස්මෙන් භාවිත කර සංවර්ධන ව්‍යාපෘතීන් කලට වේලාවට අවසන් කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සදහා විගණන සහාය ලබාදීම අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය වේ.

මෙහිදි මුදල් රෙගුලාසි 133(i) අ (ii) සඳහන් පරිදි "දෙපාර්තමේන්තුවට නියම කෙරුණු හෝ දෙපාර්තමේන්තු විසින් භාර ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘති, සැලසුම් සහ වැඩසටහන් සපුරාලීමෙහිලා ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ගණන් දීමේ නිළධාරියාට සහ ප්‍රගති අන්වේශන කමිටුවට සහය වීම"

මේ අනුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයට පැවරෙන කාර්යභාරය වන්නේ සියලූ අංශ, ව්‍යාපෘති හා අනුබද්ධිත ආයතනවල රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව, අරපිරිමැස්මෙන් භාවිත කර සංවර්ධන ව්‍යාපෘතීන් කලට වේලාවට අවසන් කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සදහා විගණන සහාය ලබාදීමය.

නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍රලේඛ