"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" නම් රජයේ තේමාව යටතේ, ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වෙන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම උදෙසා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් මෙහෙයවනු ලබන අඛණ්ඩ වැඩසටහන, “පුනරුදයේ පුරවර” - 2025 පළාත් පාලන සතිය ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මෙරට සමස්ත පළාත් පාලන ආයතන 341 අතුරින් අඩුම ආදායමක් සහිත පළාත් පාලන ආයතනය වන බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මීගහකිවුල නව සති පොළ භුමියේදී සැප්තැම්බර් 15 වනදා පැවැත්විණි. 

 මෙහිදී මීගහකිවුල නව බස් නැවතුම්පොළ වෙත පිවිසෙන මාර්ගය විවෘත කිරීම, මීගහකිවුල නව වෙළෙද සංකිර්ණය ඉදිකිරීමට මුල්ගල තැබීම, පාසල් වල රුක් රෝපණ වැඩසටහන් සඳහා පලතුරු පැළ ලබා දීම, ඌව පරණගම සභාවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් පද්ධතිය (Online Payment System) එළිදැක්වීම, පුනරුදයේ පුරවර සතිය තුළ සියළුම පළාත් පාලන ආයතන විසින් සිදුකරන කටයුතු වාර්තා කිරීම සඳහා වෙබ් ද්වාරයක් (Web Portal) එළිදැක්වීම, මහජන පැමිණිලි හා ජංගම සේවා වැටසටහනක් පැවැත්වීම හා මීගහකිවුල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරි ව්‍යාපෘති වෙනුවෙන් අමාත්‍යාංශය විසින් ලබා දීමට නියමිත ප්‍රතිපාදන වලට අදාළ ලියවිල්ල සභාපතිවරයාට පිළිගැන්වීම ද ඇතුලු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක විය. උත්සවය පැවැත්වුණු මහලට පහළ මහලේ ජංගම සේවා වැඩසටහන පැවැත්විණි.

 මෙම වැඩසටහන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ඌව ආණ්ඩුකාරවර කපිල ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි දිනිදු සමන් හෙන්නායක, මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ සභාපති ටී. එම් කුමාරතිස්ස, ඌව ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු, ඌව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන ඇතුලු නිළධාරින් පිරිසක් සහ විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

 

 සැප්තැම්බර් 16 - පරිසර සහ රුක් රෝපණ දිනය (ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව) 

සැප්තැම්බර් 17 - සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය (ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව) 

සැප්තැම්බර් 18 - ආදායම් ප්‍රවර්ධන දිනය 

සැප්තැම්බර් 19 - සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය (සාහිත්‍ය මාසයට සමගාමීව) 

සැප්තැම්බර් 20 - මහජන උපයෝගීතා සහ ක්‍රීඩා දිනය (ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව) 

සැප්තැම්බර් 21 - සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උළෙල

 

යන අයුරින් මෙම සතියේ දින තුළ වැඩසටහන සකස් වී ඇති අතර ජනාධිපති කාර්‍යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා සහයෝගය දක්වයි. ඊට අමතරව එම ආයතන මට්ටමින් ද පළාත් පාලන සතියට සමගාමීව වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ.

 

IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG