පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් පසුගියදා දිවුරුම් දුන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රුවන් සෙනරත් මහතා අද(28.11.2024) දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඉදිරියේ දී එම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ඇරඹීය.

රාජකාරීකාරී කටයුතු අරඹමින් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අමතා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ පළාත් පාලන ආයතන වලින් මහජනතාවට සපයන සේවාවන් වඩා මහජන මිත්‍රශීලී මුහුණුවරකින් සැපයීම සඳහා වන වෙනස්කම් මෙම ආයතන වෙත හඳුන්වා දිය යුතු බවයි.මෙම අවස්තාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රභාත් පින්නවල, අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහත්වරුන් ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් එක්ව සිටියහ.

DSC 0401JPG   DSC 0401JPG  
         
   
         
   
         
       
         
   
         
       
         
   
         
       

News & Events

ව්‍යාපෘතීන් හී තත්වය

01