උතුරු පළාතේ මහජන නියෝජිතවරුන් සඳහා පවත්වනු ලබන විශේෂ පුහුණු නේවාසික වැඩමුළුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොශාන් රණසිංහ මැතිතුමාගේ උපදෙස් මත, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සූරතිස්ස දිසානායක මහතාගේ මඟපෙන්වීමෙන් කුකුලේ ගඟ ලයා ලෙෂර් හීදී අද දින (18)ආරම්භ කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා උතුරු පළාතේ මහජන නියෝජිතවරුන් 50 කට ආසන්න පිරිසක් සහභාගී විය. එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ සහයෝගිත්වයෙන් යුරෝපා සංගමයේ මූල්‍යාධාර යටතේ මෙම වැඩමුළුව මෙහෙයවනු ලබයි.

පශ්චාත් කොවිඩ් 19 තත්වය තුල පළාත් පාලන අයතන තම ආදායම් උත්පාදනය කිරීමේ නව ක්‍රම හඳුනා ගැනීම හා ක්‍රියත්මක කිරීම, සංවර්ධනයේදී ඇතිවන ගැටළු හා අවශ්‍යතා හඳුනා ගෙන එයට පිලියම් යෙදීම, නව සැලසුම් සකස්කිරීම පිලිබදව අධ්‍යයනය මෙහිදී සිදු කෙරේ.

මෙම වැඩමුළු මාලාවේ ඊලග වැඩමුළු නැගෙනහිර පළාත් සදහා පැවැත්වීමට නියමිතය. උතුරු මැද සහ ඌව පළාත් වැඩමුළු සාර්ථකව අවසන් විය.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රියෙන්සි පෙරේරා, ආචාර්ය ප්‍රේමසිරි ගමගේ, හිටපු නාගරික කොමසාරිස් ගාමිණී ගුණසේකර ඇතුළු පිරිසක් සහභාගී විය.

new sec

 

new sec 11   new sec 13
         
new sec 10   new sec 12   new sec 13
         
new sec 10   new sec 12   new sec 13
         
new sec 10   new sec 12   new sec 13
         
new sec 10   new sec 12