වසර තිහක් වැනි කාලයක් පාලමක් නොමැති වීමෙන් අපහසුතාවයට පත්ව සිටි සැලසුම්ගම ගම් වාසීන්ට අපහසුතාවයකින් තොරව එහා මෙහා යා හැකි ලෙස මුදුන්මල්ගම හා සැළසුම්ගම අතර නව පාලමක් ඉදිකර පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ පාලම් ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 50 ක වියදමින් පොළොන්නරුව,සැළසුම්ගම පාලම ඉදිකෙරිණි.

මෙම අවස්ථාවට පළාත් සභා, ප්‍රාදේශිය සභා මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින්, කෘෂිකර්ම, ගොවිජන සේවා, මහවැලි වාරිමාර්ග අංශවල නිලධාරින් මෙන්ම ගොවිජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.