අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් මාතලේ දිස්ත්‍රික් ග්‍රාමීය පවුල් 10502 ක් සඳහා පානීය ජලය ලබාදීම උදෙසා රුපියල් ලක්ෂ 21330 ක වියදමින් කිලෝමීටර් 525 ක දුර ජලනල ස්ථාපිත කිරීම මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී මාර්තු මස 20 වන දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාවට සම්බාවනීය අමුත්තන් හා ප්‍රදේශයේ මහජන නියෝජිතයින් රැසක් සහභාගී විය.
අදාළ උප ව්‍යාපෘතින් පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත.
|
ආවරණය වන ප්‍රදේශය
|
වියදමරු.ලක්ෂ
|
ප්රතිලාභ පව්‍රල් ගණන |
ජලනල පද්ධතියේ දිග
|
01 |
ගලේවෙල ප්‍රදේශ සහ තිත්තවැලගොල්ල ප්‍රදේශය |
6610 |
3376 |
කි.මී. 138 |
02 |
සීගිරිය ප්‍රදේශය සහ හබරණ ප්‍රදේශය |
4150 |
1432 |
කි.මී. 114 |
03 |
ඉනාමළුව ප්‍රදේශය සහ කිතුල්හිටියාව ප්‍රදේශය |
4920 |
2381 |
කි.මී. 119 |
04 |
දඹුල්ල ග්‍රාමීය ප්‍රදේශ සහ කණ්ඩලම ප්‍රදේශය |
5650 |
33133 |
කි.මී. 154 |
|
එකතුව
|
21330 |
10502 |
කි.මී. 525 |
- දඹුල්ල බුලාගල හන්දිය අසල පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම
- දඹුල්ල කිඹිස්ස පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම
- දඹුල්ල දඩුයාය පන්සල අසල පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම