2017 මාර්තු 23 දිනැති අංක 34/1 හා දරණ යෝජනා සම්මතයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි පරිදි 2015 ඔක්තෝම්බර් 15 දිනැති අංක 30/1 දරණ යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන ලිඛිත වාර්තාවක් 2018 මාර්තු 21 වන අද දින කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරය සඳහා සහභාගී වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ අදහස පහතින් දක්වා ඇත.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 37 වන සැසිවාරයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අද 3.00 ට අප ජිනීවා නගරයේදී එළි දක්වනවා. මෙය මානව හිමිකම් කොමසාරිස්තුමාගේ වාර්තාවට උත්තර බැඳීමක් ලෙස සළකනව.

විශේෂයෙන් 2015 සිට ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රගතිශීලී ගමනක් ගිහින් තියෙනව. ශ්‍රී ලංකාවේ සහජීවනය ඇතිකිරීමටත්, නීතියේ ආදිපත්‍ය තහවුරු කිරීමටත් සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රගතිය ලෝක ප්‍රජාව පිළිගෙන තියෙනව. ඒ නිසා මා විශ්වාස කරනව 37 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට කිසිම ප්‍රශ්නයක් සිදු නොවන බව.

කලින් වාර වලදී සැමවිටම මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව දෝෂාරෝපණයන්ට ලක් වුනා. ඒ වගේම, ලඟදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්තුමාගේ ප්‍රශ්ණ කරල තියෙනව. එහිදීත් අප නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩු සිදුවූ අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි යන මතය ශ්‍රී ලංකා රජයට ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක්  දීම තුළින් කිසිම ජාතියකට, ආගමකට, කුළයකට හිරිහැර කිරීමට රජයේ අනුග්‍රහය නොලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමේ විශ්වාසය පවතිනව බවත් ප්‍රකාශ කරනව.

පසුගිය දා සිදුවූ අවාසනාවන්ත සිදුවීම මේ සැසිවාරය වන කාලය සම්බන්ධ කරගෙන සිදුවූවක් කියා මා විශ්වාස කරනව. ඒ සම්බන්ධයෙන් අපට පැහැදිලි කිරීමක් තුළින් අප ගත් ක්‍රියාමාර්ගය ලෝකයට හෙලිදරවු කිරීමෙන් ප්‍රගතිශීලී ගමනක් යන්න පුළුවන් යයි අපි විශ්වාස කරනව.”