පළාත් පාලන මැතිවරණයේදී 25% ක කාන්තා නියෝජනය සම්බන්දයෙන් සාකච්චාවක් අද දින (27 වැනිදා) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා හා කාන්තා සංවිධාන 44 ක නියෝජිතයින් අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී පැවත් වීය.

 එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයින් බෙදා වෙන්කිරීමේදී 2017 අංක 16 දරන පනත අනුව 25% ක කාන්තා නියෝජනයක් සියලුම පළාත පාලන ආයතනවල සහතික විය යුතු නිසා මේ රටේ නීතිය කිසිම ආයතනයකට හෝ කිසිම පුත්ගලයෙකුට වෙනස් කල නොහැකි බවත්ය.

ඒ නිසා පනතේ විදිවිධාන අනුව 25% ක කාන්තා නියෝජනය රැකීමට මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැමිණ සිටි කාන්තා සංවිධාන නියෝජිතයින් අමතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ 25%ක කාන්ත නියෝජනය බලාපොරොත්තුවෙන් බවත් එම නෛතික ප්‍රතිපාදනය අනුගමනය කිරීමට රජය සහ මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටින බවත්ය.

කාන්තා නියෝජනය අනිවාර්යෙන්ම රැකියා යුතු බවත් ඒ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

නමුත් ප්‍රයෝගික වශයෙන් යම් යම් ගැටළු පවතින, එනම් 20% කට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පක්ෂ රාශියක් ඇතිවිට හා සභිකයන් 3කට වඩා අඩුවෙන් තේරී පත් වූ විට මෙම නීතිය ක්‍රියාත්මක නොකර ඉතිරි සියලුම පළාත් පාලන ආයතන සඳහා එනම් අවම වශයෙන් පළාත් පාලන ආයතන 300 ක් පමණ ප්‍රමාණයකට මෙම නීනිය ක්‍රියාත්මක කල යුතු බව අමාත්‍යවරයා පැවසීය.

අද තමා කාන්තා සංවිදාන හමුවුයේ ඔවුන් නියෝජනය කරන කාන්තා ප්‍රජාවගේ සහිනය බොඳ කිරීමට තමන් කිසිසේත් සූදානම් නොවන බවත් ඔවුන්ට රජයක් වශයෙන් ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය බැදී සිටින බවත් ප්‍රකාශ කිරීමට යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම සාකච්චාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් S.D.A.B බොරලැස්ස මහතා, අමාත්‍යාංශයේ  නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක මහත්මිය සහ කාන්තා සංවිධාන 44 ක නියෝජිතයින් ද සහභාගී වීය.

DSC 0568 DSC 0603
DSC 0620 DSC 0599