කදිරාන ශ්‍රවණාගාරය සඳහා මුල්ගල තැබීමේ උත්සවය කටාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 දින) සිදුකෙරිනි. ගරු බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද නිවාස හා ඉදිකිරීම්, යටිතල පහසුකම්, කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමා සහ පුරනැගුම ව්‍යාපෘතියේ අධ්‍යෂක S.G චන්ද්‍රදාස මහතා ද සහභාගී විය.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පුරනැගුම ව්‍යාපෘතිය සදහා 2017 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකු අරමුදලින් ලබාදුන් ඩොලර් මිලියන 60 ක අතිරේක ප්‍රතිපාදන වලින් ලක්ෂ 750 ක වෙන් කර ඇත. පුරනැගුම ව්‍යපෘතියේ ප්‍රධාන අරමුණ ප්‍රාදේශීය සභාවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ඒතුළින් ප්‍රාදේශීය සභා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමත්ය.
 
මේ ප්‍රදේශයේ ජනතාවටත් කටාන ප්‍රාදේශීය සභාවටත් තම උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය වූ විට මීට කිට්ටුවෙන්ම  ශ්‍රවණාගාරයක් පිහිටා තිබෙන්නේ මීගමුවෙ බැවින් විශාල දුරක් ගෙවාගෙන එහි යාමට සිදුවෙයි. මේ තුළින් ඔවුන්ට ලැබෙන සහයෝගය අති මහත්ය.

DSC 0991 DSC 1014 DSC 1052  
DSC 1073 DSC 1068 DSC 1059  
DSC 1067 DSC 1060 DSC 1062