පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ග්‍රාමිය පාලම් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගලතුර හා දිමියාව යන ගම් යා කරමින් ද්විත්ව මංතීරු පාලමක් ඉදිකිරිමේ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.01.17 දින ආරම්භ කරන ලදී.
නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකිරිමට නියමිත මෙම පාලම මීටර් 30ක දිගින් යුක්ත ද්විත්ව මංතීරු පාලමක් වේ. මෙම පාලම ඉදිවීමත් සමඟ ඉන් ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 2000 ඉක්මවනු ලැබේ.
මෙම අවස්ථාවට අයගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්ද, ග්‍රාමිය පාලම් ව්‍යාපෘතියෙහි පළාත් ඉංජිනේරුතුමන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.