ධුරධාරින් නොමැති පළාත් පාලන ආයතන රටේ පවතින වත්මන් තත්වය තුළ පවත්වාගෙන යායුතු ආකාරය පිළිබද වැඩමුලුවක් 2023.08.11 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන පිළිබඳ ශ්‍රී ලංකා ආයතන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

පළාත් පාලන කොමසාරිස්වරු, පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, නාගරික කොමසාරිස්වරුන්, නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ට සිය වෘත්තිය කටයුතුවලදි මුහුණ පාන ගැටලු සාකච්ඡා කිරීම හා අත්‍යවශ්‍ය දැනුම ලබා දිම මගින් ගුණාත්මක පළාත් පාලන සේවාවක් ඇති කිරීමේ අරමුණින් මෙම තෙදින වැඩමුලුව සංවිධානය කර ඇත.

මෙම වැඩමුලු තුලින් පළාත් පාලන මුල්‍ය කළමනාකරණය, පළාත් පාලන නීතිය, පළාත් පාලන ආයතනයක බලතල, කර්තව්‍යන් සහ යුතුකම් ඉටු කිරීමේදි, නිලධරයන්ගේ කාර්යභාරය සහ අභියෝග පළාත් පාලන ආයතන ස්වයං උත්පාදන ආයතන බවට පත් කිරිම, ව්‍යාපෘති කලමනාකරණය ඇතුලු විෂයන් ගණනාවක් සාකච්ඡා කරන ලදී.

දින 2ක් පුරා මෙම වැඩමුලුව පැවැත්වූ අතර ඒ සදහා මුල්‍යාධාර සපයනු ලැබූවේ OTI (One Text Initiative) ආයතනය මගිනි.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශය අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලි ආරච්චි පළාත් පාලන පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක, ආචාර්ය සුරතිස්ස දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG