පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ බස්නාහිර පළාත් සභාවේ මුදල් ප්‍රතිපාදන යොදවා ඉදිකර ඇති දෙල්දොරවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ කසළ කළමනාකරණ ගොඩනැගිල්ල හා නවීන කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රය, විවෘත කිරීමේ උත්සවය 2022.03.29 වැනි දින පෙ.ව. 10.30 ට දෙල්දොරවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් 02 ක්, ටේලර් 02 ක් හා හලර් යන්ත්‍රයක් රාජ්‍ය අමාත්‍යංශය මගින් ලබා දුන් අතර ඒ සඳහා වැයකල මුළු මුදල රුපියල් මිලියන 15.65කි.

එම උත්සවය වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ද පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ලලිත් එල්ලාවල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා, මිල්ලනිය ප්‍රාදේශිය සභාවේ සභාපති සංජීව කුලතිලක මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මහතාගේ අතින් මෙය විවෘත කිරීමට නියමිතය.