පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත දීර්ඝ කාලයක සිටම තමන් ජීවත්වන ඉඩම් සඳහා හිමිකම අහිමිව මහත් පීඩාවෙන් සිටි පොලොන්නරුව දිස්ත්‍රික් ජනතාව සඳහා තිර විසඳුම් ලබා දෙමින් ඔවුනට ස්ථිර ඉඩම් හිමිකම්පත්‍ර ලබා දීමේ තවත් එක් සාර්ථක අදියරක් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වු පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ "මා ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේත් ,ඊට පෙරත් මේ දක්වාත් පොලොන්නරුව ජනතාවට තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ටම හිමි භූමියක ස්ථිර හිමිකාරිත්වය හිමි කරදීමට මහත් පරිශ්‍රමයක් දැරුවා.ඒ අනුව අද දින පවුල් දහසක් වෙනුවෙන් ඉඩම් හිමිකම්පත්‍ර ලබා දීමට කටයුතු කරනව."
අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් පැවසුවේ "ස්ථිර ඉඩම්හිකම් පත්‍ර නොමැති, තමන්ගේ භූමියක හිමිකමක් නොමැතිව ජීවත්වන අන් සියලු දෙනාටත් ඔවුන්ගේ ඉඩම් හිමිකම් සම්බන්ධ ගැටලු වලට ස්ථිරසාර විසඳුම් කඩිනම්ව ලබා දීමට කටයුතු කරන බවයි".

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා,පොලොන්නරුව නගරාධිපති ශාලිත සිදත් රණසිංහ මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ ධර්මසිරි මහතා,තමන්කඩුව හිඟුරක්ගොඩ කොට්ඨාස ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතා, හිඟුරක්ගොඩ සහ පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි ඉඩම් කොමසාරිස්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, ග්‍රාම නිලධාරීන් , ඇතුළු මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරින් තරුණ සංවිධාන ප්‍රධාන නායකයින් සහභාගි විය.

 

 

new sec

 

new sec 11  
         
new sec 10   new sec 12   new sec 12
         
new sec 10