අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරියන් පුහුණු කිරිමේ වැඩ සටහන 2022.01.14 හා 15 දෙදින තුළ පොළොන්නරුව, ගිරිතලේ "ද ඩියර් පාර්ක් හොටලයේ (The Deer Park Hotel)" හි දි පැවැත්වීමට නියමිතය.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පළාත් පාලනය පිළිබඳ ශ්‍රි ලංකා ආයතනයේ මග පෙන්විම යටතේ One-Text Initiative ආයතනයේ සංවිධානත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්වීමට නියමිතය.ඒ සදහා මුල්‍ය දායකත්වය DEMO Printland ආයතන මගින් සිදු කරනු ලබයි.
මේ යටතේ පළාත් පාලන පනත දැනුවත් කිරිම,මහජන නියෝජිතයින්ගේ භුමිකාව හා කාර්යභාර්ය පැහැදිලි කිරිම,පළාත් පාලන ආයතනය අයවැය,ප්‍රාදේශිය සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරිම,ළමා හා කාන්තා කටයුතු පිළිබද දැනුවත් කිරිම යන කරුණු සාකච්ඡා කරනු ලබයි.
මීට පෙර පළාත් කිහිපයක දී වැඩ සටහන් අටක් පවත්වා ඇත.එහිදී මන්ත්‍රිවරියන් 400 කට ආසන්න පිරිසක් සඳහා පුහුණුව ලබා දුනි.