කාබනික පොහොර නිෂ්පාදනය හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු ව්‍යාපෘති 82 ක් සඳහා රුපියල් මිලියන 2770 ක් වැය කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් පළාත් පාලන ආයතන මඟින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කාබනික පොහොර රට තුල නිපදවමින් වස විසෙන් තොර වගාවක් සඳහා කොම්පෝස්ට් පොහොර යෙදීමේ වැඩපිළිවෙලට මෙම ව්‍යාපෘතින් මහත් රුකුලක් වන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටී.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අවශ්‍යතාවය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් මඟින් කව්ෂිමා කාබනික පොහොර නිෂ්පාදන ස්ථාන 09 ක් ස්ථාපනය කර ඇති අතර ඒවායෙහි තවදුරටත් අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා රුපියල් මිලියන 1980.00 ක් වැය කෙරේ.රුපියල් මිලියන 270 ක් වැය කරමින් කොම්පෝස්ට් අංගන 23 ක් ඉදි කිරීම හා නඩත්තු කිරීම සිදු කෙරිණි.

මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පද්ධති 07 ක් ස්ථාපනය කෙරුණු අතර ඒ සඳහා වැය කල මුදල රුපියල් මිලියන 200 කි. ගම සමඟ පිළිසඳරක් වැඩසටහනෙන් ඉදිරිපත් වු කසල කළමනාකරණ පිළිබඳ යෝජනා 16 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 140 ක් වැය කෙරිණි.

නගර ආශ්‍රිත මහජන වැසිකිලි පද්ධති, අපද්‍රව්‍ය හා මළඅපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ පද්ධති 27 ක් ඉදි කිරීම සඳහා වැය කල මුදල රුපියල් මිලියන 180 කි.